අත්‍යවශ්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක් හැර සෙසු දුම්රිය ගමන්වාර සියල්ල අවලංගු කරයි
අද පෙරවරු 6:00 සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක් හැර සෙසු දුම්රිය ගමන්වාර සියල්ල අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක හසංග සමරසිංහ බීබීසී සිංහල වෙත තහවුරු කළා.
කෙසේ වෙතත් ගාල්ල, අලුත්ගම, මීරිගම සහ හලාවත සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් ක්‍රියාත්මක වනා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.