අද උදෑසන වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය
ගංවතුරින් බලපෑමට ලක් වූ කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට බීබීසී සිංහල කණ්ඩායමට අද හැකි වුණා. අප කණ්ඩායම සඳහන් කළේ, ප්‍රදේශය තවමත් ජලයෙන් යටවී පවතින බව ය.
මේ, අද උදෑසන එම ප්‍රදේශයේ තත්ත්වයි.
ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෙරටට බලපෑ ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 639ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 203ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
ගංවතුරින් බලපෑමට ලක් වූ කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට බීබීසී සිංහල කණ්ඩායමට අද හැකි වුණා. අප කණ්ඩායම සඳහන් කළේ, ප්‍රදේශය තවමත් ජලයෙන් යටවී පවතින බව ය.
මේ, අද උදෑසන එම ප්‍රදේශයේ තත්ත්වයි.
වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ ඊයේ (නොවැ. 29) රාත්‍රී නාය යාමක් සිදු වූ බව අප වාර්තාකරු පවසනවා.
ඔහු සඳහන් කළේ, ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරීන් යොදවා මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන ලද බවයි.
කිලෝමීටර් 8ක් පමණ පා ගමනින් ගිය හමුදා කණ්ඩායම විදෙස් සංචාරකයන් තිදෙනෙකු, සිවිල් වැසියන් 10 දෙනෙකු මුදා ගෙන තිබෙනවා.
ගම්වැසියන් පවසන පරිදි නාය ගිය පස් කන්දට 5 දෙනෙකු පමණ යට වී තිබෙනවා.
කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම සිදුවීමෙන් අඹතලේ ගංවතුර පාලන වේල්ලේ පිටාර ගැලීමක් සිදුවන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව නිවේදනය කරනවා.
වේල්ලේ සහ මාළඹේ - කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර සහ ඉන් ඉහළ පිහිටි පහත් බිම් වල වෙසෙන මහ ජනතාව කඩිනමින් දැනුවත් කිරීම් සිදුකර සුදුසු ආරක්ෂිත පියවර ගන්නා ලෙසට එම නිවේදනය මගින් පැවසෙනවා.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (නොවැම්බර් 30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
'දිට්වා' [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 29 දින ප.ව.11.30 වන විට යාපනය සිට කි.මී. 130ක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී තිබුණු අතර මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පය 24 තුළ ඉන්දියාවේ තමිල් නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව, උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි වේ.
උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
"නාය යාම් පිළිබඳ අවදානම ඉහළ ගිහින් තිබෙනවා. අපි 18 දා සිට මේ අවදානම් නිවේදන නිකුත් කළා. දැන් වාර්ථා වෙනවා රතු නිවේදන දීපු තැන්වලින් පවා ජනතාව ඉවත් වෙලා නෑ.
කඩිනමින් රතු නිවේදන ප්‍රදේශවලින් ඉවත් වෙන ලෙස ජනතාවට දැනුම් දෙනවා. මේ අනතුරු දායක කලාපවල වතුර වැඩි වෙලා. ජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන හිතනවා නම්, ජීවිත රැකගන්න ඉවත් වෙන්න."
- මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික)
ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්
"අපි දිගින් දිගට ම අවශ්‍ය නිවේදන නිකුත් කළා. නියමිත වේලාවට නිවේදන නිකුත් කළා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91කට නිවේදන නිකුත් කළා.
අපි ජනතාවට කල්තියා දැනුම්දීම් කළා. නමුත් නිරීක්ෂණය වෙන්නේ තවම එම ප්‍රදේශ අනාරක්ෂිතයි.
වැසි නැති උනත් නාය යාම් ඇති වෙන්න පුළුවන්. අපි ඉල්ලා සිටින්නේ මෙම අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වෙන්න."
- වසන්ත සේනාධීර
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
"වැස්ස අඩු වුණත් තවදුරටත් නාය යාම් ඇති වීමට දැඩි අවදානමක් පවතිනවා. කඳු බෑවුම් ආශ්‍රිත ප්‍රදේශවල භුමිය අස්ථිරයි. මේ නිසා දවස් 3ක් වගේ යන කම් නාය යාමේ අවදානම් සහිත ප්‍රදේශවලට යන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා."
- ආචාර්ය ගාමිණී ජයතිස්ස
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්යක්ෂ
විදුලි බිඳවැටීම් සහ සන්නිවේදන කටයුතුවලට ඇතිව තිබෙන බාධා හේතුවෙන් මධ්‍යම කඳුකරයේ අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් සහ පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතා මතුව ඇති අතර එම ප්‍රදේශවල නිශ්චිත තත්ත්වය දැන ගැනීම අපහසු වී තිබෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් පැවසුවේ, පැවති කාලගුණ තත්ත්වය හේතුවෙන් සන්නිවේදන කුළුණු 4000ක් පමණ බිඳ වැටී තිබුණු බව යි. කෙසේ වෙතත් අද වන විට ඉන් 2,000ක් පමණ යථා තත්ත්වය පත් කර ඇති බව ඔහු පැවසුවා. එමෙන් ම බිඳ වැටී තිබුණු ෆයිබර් සම්බන්ධතා ද සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළා.
අද රාත්‍රී 8:00 වන විට ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 159ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 203ක් දෙනෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
පවුල් 234,503කට අයත් පුද්ගලයින් 833,985 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින බව එම නිවේදනයේ සඳහන්.
මන්නාරම දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හේතුවෙන් පවුල් 24,313 කට අයත් පුද්ගලයින් 79,946ක් පීඩාවට පත්ව ඇති බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේශ්වරන් පවසනවා.
දිස්ත්‍රික් ලේකම්වරයා පැවසූවේ ජල ගැලීම් හේතුවෙන් මන්නාරම - මැදවච්චිය ප්‍රධාන මාර්ගය සහ මන්නාරම - යාපනය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් යටවී ඇති බවයි.
මන්නාරම දිස්ත්‍රික්කය වෙත මල්වතු ඔය හරහා ගලාගෙන එන ජලය හා වැව් වාන් දැමීම හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයයේ ජාල ගැලීම් තත්ත්වය වැඩි වි ඇති බව ද ඔහු පැවසුවා.
කූරායි හා පුදුකුලම ප්‍රදේශවල වැසියන් ජල ගැලීම්වලට හසුව සිටින බවත්, අදාළ පිරිස් බේරා ගැනීමට බෝට්ටු මගින් යාමට නොහැකි වි තිබෙන බවත්, ඒ වෙනුවෙන් ගුවන් හමුදා සහයෝගය ලබා ගැනීමට ඉල්ලීම් කොට ඇති බවත්, පවතින සුළං තත්වය මත අදාළ උත්සහයද මේ දක්වා ව්‍යර්ථ වී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ දිස්ත්‍රික්කය තුළ පවුල් 3,795 කට අයත් පුද්ගලයින් 11,873 දෙනෙකු, සහන කඳවුරු 61ක් තුළ මේ වන විට රැදී සිටින බවයි.
මල්වතු ඔය පිටාර මට්ටම මන්නාරම සීමාවෙන් අඩි 13ක් වශයෙන් පැවතිය ද මේ වන විට මල්වතු ඔය ජල ධාරිතාව අඩි 19ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් මන්නාරම දිස්ත්‍රික්කයේ මල්වතු ඔය දෙපස ගම්මාන ජලයෙන් යටවී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා.
පාලි ආරු හා පරංගි ආරු යන ඇළ මාර්ග හරහා ද ජලය මන්නාරම දිස්ත්‍රික්කය වෙත ගලාගෙන එන බැවින් ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.
මන්නාරම, මඩු, මුරුන්කන්, සිලාවතුර ආදි ජනාකීර්ණ ප්‍රදේශ මල්වතු ඔය ජල ගැලීම්වලට ලක්ව ඇති බවද දිස්ත්රිමක් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළහ. ඒ හේතුවෙන් පීඩාවට පත් පිරිස ඉහළ ගොස් ඇති බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පවතින ආපදා තත්ත්වය සමග රුධිර හිඟයක් මතුව ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ, දැනට රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසාවෙන් රුධිරය රැස්කිරීමේ ගැටලු මතුව ඇති බවයි.
සාමාන්‍යයෙන් රුධිර ඒකක 1400- 1500 ක් පමණ දිනකට අවශ්‍ය වනවා.
පවතින ආපදා තත්ත්වය නිසා ජංගම රුධිර කඳවුරු පැවැත්වීමට හැකියාවක් නොමැති බව අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
“මේ වෙනකොට අවශ්‍ය රුධිර ප්‍රමාණය සපුරා ගන්න ලැබෙන්නෙ නෑ,
ඒ නිසා රුධිර අවශ්‍යතාවක් තිබෙනවා සංචිත පවත්වා ගැනීමේ අර්බුදයක් එනවා.”
“මේ නිසා අපි රුධිර බැංකු කිහිපයක් විවෘත කර තිබෙනවා.” අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
“මේ නිසා හැකි අය සිටිනවා නම් රුධිරය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේක ජාතික වශයෙන් කරන ඉල්ලීමක්.”
ඒ අනුව රුධිරය පරිත්‍යාග කරන්නන් වෙනුවෙන් නාරාහේන්පිට ප්‍රධාන මධ්‍යස්ථානය පෙරවරු 8 සිට සවස 6.30 දක්වා විවෘතව තැබෙනු ඇත.
මීට අමතරව, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රාගම, කඹුරුගමුව, කරාපිටිය, හම්බන්තොට, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල්වලදී පෙරවරු 8 සිට හවස 4 දක්වා රුධිරය පරිත්‍යාග කරන්නන්ට රුධිරය පරිත්‍යාග කළ හැකිවනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 153ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 191ක් දෙනෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා
පවුල් 234,503කට අයත් පුද්ගලයින් 833,985 දෙනෙක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටිනවා.
කැළණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින නිසා, අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් ඇතැයි, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසනවා.
එම වේල්ල සහ මාලබේ - කඩුවෙළ ප්‍රධාන මාර්ගය අතර පහත්බිම්වල වෙසෙන නිවැසියන්ට දැනුම් දී ඇත්තේ, කඩිනමින් සුදුසු ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන ලෙසයි.
පන්නල, නාලවලාන ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් ජලගැලීමකට හසුවීමෙන් එහි සිටි පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
පොලිසිය ප්‍රකාශ කළේ, තවත් පුද්ගලයින් 14 දෙනෙකු මුදාගෙන ඇති බව ය.
අයහපත් කාලගුණය හේතුවෙන් අද (නොවැ: 29) දිනයේ දරුණු නායයාම් තුනක් වාර්තා විය.
ඒ, තුල්හිරිය, අලවතුගොඩ සහ රම්බොඩ යන ප්‍රදේශවලිනි.
වරකපොල පොලිස් වසමේ තුල්හිරිය, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙක් අතුරුදන්ව සිටිති.
පොලිසිය නිවේදනය කළේ, වරකපොල පොලිසිය අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ය.
මේ අතර, කොත්මලේ රම්බොඩ ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය නිවේදනය කළේ, තවත් පිරිසක් අතුරුදන් වී සිටින බව ය.
මේ අතර, අංකුඹුර අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයෙන් ද නායයාමක් වාර්තා වී තිබේ.
ඉන් මිය ගිය හෝ අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ දත්ත මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය පවසයි.