BBC News, සිංහල - ප්රධාන පුවත්
ප්රධාන පුවත
බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි කැළඹිල්ලක්: ඉදිරි දිනවල කාලගුණය මෙන්න
ජාත්යන්තර කාලගුණ දත්ත විශ්ලේෂණය කරමින් මෙම පද්ධතියේ ඉදිරි වර්ධනය සහ එය ශ්රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය. "ඉන්දියානු කාලගුණ විද්යා කාර්යාලයත් නිවේදන නිකුත් කරලා තියෙනවා. බෙංගාල බොක්කේ නැගෙනහිර කොටසේ, මධ්යම නැගෙනහිර කොටසේ වගේම ගිනිකොන පැත්තයි ඔය දෙක සම්බන්ධ වෙන හරියේ කැලඹිලි ස්වභාවයක් තියෙනවා. ඒක 23 වෙනිදා වගේ වෙනකොට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි කියලා පූරෝකථනය කර තියෙනවා."
වීඩියෝ, උඩරට දුම්රිය මාර්ගය නැවතත් නායයාමේ අවදානමක ද?, ධාවන කාලය 3,29
උඩරට දුම්රිය මාර්ගය නැවතත් නායයාමේ අවදානමක ද?
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මියගොස් ඇති බවට කටකතා: රජය ඡායාරූප නිකුත් කරයි
කිසිදු පදනමක් නොමැති කටකතාවක් පැතිර යාමෙන් අනතුරුව, උතුරු කොරියානු රාජ්ය මාධ්ය එම ඒකාධිපතියා තම දියණිය සමග සිටින ඡායාරූප ප්රකාශයට පත් කර තිබේ.
චොකා මල්ලි හෙවත් ප්රේමලාල් ජයසේකර ඇල්ලීමට විවෘත වරෙන්තුවක්
අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්ය ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද (ඔක්: 21) නියෝග කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාර්ගයෙන් එම වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළ අධිකරණය, පොලිස්පතිවරයාට නියෝග කළේ, එය නොපමාව ක්රියාත්මක කිරීමට අවශ්ය සියලු පියවර ගන්නා ලෙස ය.
කොළඹ වරායේ ඩොලර් මිලියන 390ක ලොජිස්ටික් ව්යාපෘතියෙන් චීන සමාගමක් ඉවත් වුණේ ඇයි?
"මේ ප්රොජෙක්ට් එක 2023 වෝට් කරලා තියෙන්නේ. හැබැයි 2023 දී එයාලා ඒකට වෝට් කරාට එතනින් එහාට කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. ලොජිස්ටික්ස් හබ් එකේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්නේ නැති නිසා. මේකට මුදල් යොදවන්න මේ චීන සමාගමයි, ඇක්සස් ඉංජිනේරින් එකයි, ඊට පස්සේ ශ්රී ලංකා වරාය අධිකාරියයි.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්ය ද?
අවම ඩේටා ප්රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.
ඔස්ට්රේලියාවේ ශිෂ්ය වීසා නව නීති දැන් ක්රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු
ශිෂ්ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ. මෙම ප්රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද?



















































