තායිලන්තය: බේරා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි කිමිදුම්කරුවෙකු මරුට

Volunteers at the Thai cave

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

තායිලන්තයේ ලෙනක සිරවී සිටින පිරිමි ළමුන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි එරට නාවික හමුදා 'සීල්' බලකායේ හිටපු කිමිදුම්කරුවෙකු මරුමුවට පත්ව තිබේ.

සැපයුම් ගෙන ගොස් ලෙන් සංකීර්ණයෙන් ආපසු එමින් සිටියදී තිස්අට හැවිරිදි සමන් ගුනන්ගේ සිහි නැති වී ඇත.

"ඔහුගේ කාර්ය වුනේ ලෙන තුළට ඔක්සිජන් සැපයීම. ආපසු ඒමේදී ඔහුට ප්‍රමාණවත් ඔක්සිජන් තිබී නැහැ," යනුවෙන් නිලධාරියෙකු කියා සිටියේය.

නාවික හමුදාව හැර ගොස් සිටි කිමිදුම්කරු ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණ සිටි අයෙකි.

ස්වේච්ඡාවෙන් සහාය දීම සඳහා ඉදිරිපත් වූ හිටපු නාවික හමුදා සෙබලෙකු රාත්‍රී 2 පමණ මරණයට පත්ව ඇති බව බේරා ගැනීමේ මෙහෙයුම් සිදුවන ස්ථානයේ සිටි 'Chiang Rai' පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා වාර්තාකරුවන් අමතමින් කියා සිටියේය.

Thai divers carry supplies as rescue operations continue for 12 boys

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා දහසකට ආසන්න පිරිසක් එක්ව සිටිති

දිවීමට සහ පාපැදි සවාරි යාමට දැඩි රුචිකත්වයක් දැක්වූවෙකු බව පැවසෙන සමන් ගුනන් සති දෙකකට ආසන්න කාලයක් පුරා සිදුවන මෙහෙයුම්වලට සම්බන්ධව සිටියේය.

බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන්, හමුදා සාමාජිකයන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සාමාන්‍ය වැසියන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් එක්ව සිටිති.

බේරා ගැනීමේ මෙහෙයුම පිටුපස ඇති අවදානම සමන් ගුනන්ගේ මරණය හරහා පෙන්නුම් කෙරෙයි.

A relative of the 12 boys and their soccer coach trapped in the Tham Luang cave complex cries while listening to a news conference about the death of a Thai rescue diver

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු නාවික සෙබලාගේ මරණය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව ශෝකයට පත්ව සිටින අයුරු

තායිලන්ත නාවික හමුදාවේ 'සීල්' බලකායේ අණදෙන නිලධාරී Apakorn Yookongkaew කියා සිටියේ සිය කාර්ය ඉටුකිරීමට හැකි වනු ඇති බවට තවමත් සිය කණ්ඩායමට විශ්වාසය ඇති බවය.

අත්දැකීම් බහුල කිමිදුම්කරුවෙකුට පවා අභියෝගයක්ව තිබියදී සිරවී සිටින ළමුන් කණ්ඩායම ආරක්ෂිතව පිටතට පැමිණෙන්නේ කෙසේදැයි විමසු අවස්ථාවේ ඔහු සඳහන් කළේ ළමුන් සම්බන්ධයෙන් වඩාත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරනු ඇති බවය.

ලෙන තුළ සිරවී සිටින ළමුන් අවුරුදු 11-16 අතර වයසේ පසුවන අතර ඔවුන්ගේ පුහුණුකරුගේ වයස අවුරුදු 25 කි.