ලෙන තුළ සිරවූ තායිලන්ත දරුවෝ: වෛද්‍යවරයෙක්, හෙදියක් ඇතුළු පිරිසක් දරුවන් සමග එක්වෙයි

Thailand children trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිලන්ත සාම්ප්‍රදායක ක්‍රමයට කිමිදුම්කරුවන්ට ආචාර කරන දරුවන්
Published

තායිලන්තයේ ජලයෙන් යට වී පවතින ලෙනක සිරවී සිටින පිරිමි ළමුන් දෙළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු වෙත දින දහයකට පසු පළමු වරට ආහාර සහ ඖෂධ ලැබී ඇත.

වෛද්‍යවරයෙකු සහ හෙදියක ඇතුළු කිමිදුම්කරුවන් හත් දෙනෙකු තායිලන්තයේ උතුරු දිග පිහිටි ලෙනේ සිරව සිටින කණ්ඩායම හා එක් වූහ.

ලෙන තුළ සිරව සිටින කණ්ඩායම නිරුපද්‍රිත බව සඳුදා (ජුලි 02) සොයා ගැනිණි.

ළමුන් සහ පුහුණුකරු ආරක්ෂිතව රැගෙන ඒමට ඇති වඩාත් උචිත ක්‍රමවේදයක් පිළිබඳ සහන කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ.

Thailand children trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ධාරානිපාත වර්ෂාව හමුවේ ජල මට්ටම ඉහළ යන අතර කණ්ඩායම රැඳී සිටින ස්ථානයේ වායු මට්ටමට එය තර්ජනයක් වී ඇත.

මේ තොරතුරුද කියවන්න:

පාපන්දු පුහුණු සැසියකට පසු චියෑන්ග් රායි පළාතේ පිහිටි ලෙන් තුළට පිවිස ඇති ළමුන් කණ්ඩායම සොයා ගනු ලැබුවේ දින නවයකට පසුවය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ලෙන තුළ සිරවී සිටින දරුවන්ගේ පළමු වීඩියෝ දර්ශන

ධාරානිපාත වර්ෂාව හමුවේ ජල මට්ටම ඉහළ යාමත් සමග ඔවුන් ලෙන තුළ කොටුවී තිබේ.

අඟහරුවාදා වාර්තාකරුවන් වෙත ප්‍රකාශයක් කරමින් තායි බලධාරීන් කියා සිටියේ ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කර ඇති බවය.

දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට කටයුතු කර ඇති බවත් කිසිවකුත් බරපතල තත්ත්වයේ පසු නොවන බවත් ඔවුහු පැවසුහ.

"වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දිරවීමට පහසු විටමින් සහ ඛනිජ අඩංගු ශක්තිජනක ආහාර ඔවුන්ට ලබා දී තිබෙනවා" යනුවෙන් තායි නාවික හමුදා විශේෂ බලකායේ ප්‍රධානී අද්මිරාල් අපගොර්න් යෝවුකෝගේව් වාර්තාකරුවන් හමුවේ පැවසීය.

Thailand children trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ළමුන්ට පිහිනා පිටතට පැමිණීමට නොහැකිද?

කණ්ඩායමේ වැඩි දෙනෙකුට පිහිනීමට නොහැකි බව විශ්වාස කෙරේ. දැනටමත් දුෂ්කර තත්ත්වයක් පවතින බේරා ගැනීමේ මෙහෙයුම එමගින් තවත් තවත් සංකීර්ණ වනු ඇති බවට බිය පළ වේ.

මීට් ඉහතදී තායි හමුදාව කියා සිටියේ ළමුන් කිමිදීමට ඉගෙන ගත යුතුව ඇති බව හෝ ලෙනෙන් පිටතට පැමිණීම සඳහා ජල මට්ටම පහළ යන තෙක් මාස හතරක් පමණ එහි රැඳී සිටීමට වනු ඇති බවය. එතෙක් එම කාලයට අවශ්‍ය ආහාර සැපයිය යුතු බව ද කියවිණි.

Thailand children trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, EPA

නමුත් "ඉදිරිදින කීපය තුළ වැසි වැටෙනු ඇතැයි බලාපොරොත්තු වන බැවින්" ළමුන් ඉන් ඉවත් කිරීම වහා කළ යුතු බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අනුපොන්ග් පාඕජින්ඩා පවසා තිබුනේ යයි බැංකොක් පොස්ට් පුවත්පත් වාර්තා කරයි.

භූගත ජලය ලෙන් තුළින් ඉවතට පොම්ප කර අනතුරුදායක තත්ත්වය අවම කිරීමේ උත්සහයක් දියත්ව ඇති බවත් අමත්‍යවරයා පැවසීය.

සිය පවුලේ සාමාජිකයන් සමග අදහස් හුවමාරු කරගැනීමට ළමුන්ට හැකිවන පරිදි දුරකථන පද්ධතියක් ස්ථාපනය කෙරෙමින් පවතී.

තවත් තොරතුරු: