තායිලන්තය: ලෙනක සිර වී සිටි දරුවන් සියලු දෙනා 'ජීවතුන් අතර'

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/EKATOL
දින නවයක් තායිලන්තයේ ලෙනක සිර වී සිටි පිරිමි දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු හමු වූ බව ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පවසයි.
ඔවුන් කිසිවෙකුගේත් ජීවිතයට හානියක් නැති අතර ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව පසුවන බවත් ආණ්ඩුකාර නරෝන්ග්සක් ඔසොතනකොන් (Narongsak Osottanakorn) සනාථ කළේය.
දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයාගනු ලැබුනේ චියන්ග් රායි (Chiang Rai) ප්‍රදේශයේ පිහිටි තම් ලුවන්ග් Tham Luang ලෙන් ආසන්නයේ සිදුකරන ලද දැවැන්ත බේරාගැනීමේ මෙහෙයමකින් අනතුරුවය.
ඔවුන් සොයාගෙන තිබෙන්නේ නාවික හමුදාවේ විශේෂ බලකායක සාමාජිකයන් විසිනි.

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දරුවන් පිරිස ලෙනක සිරවීම ගැන තායිලන්තය කම්පා වූ අතර දිගින් දිගටම ඉහළ යමින් තිබූ ජාල මට්ටම සහ මඩ තට්ටු හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ තිබුණි.
අවුරුදු 11 සිට 16 දක්වාවූ වයසේ සිටින ළමයින් ශිඅන්ග් රායි (Chiang Rai) පළාතේ පිහිටි ලෙනට ඇතුළුවූයේ පසුගිය ජුනි 23 වෙනි සෙනසුරාදාය.
කිලෝමීටර ගණනාවක් පොළව යටින් විහිදෙන Tham Luang Nang Non ලෙන සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි.
මියන්මාර දේශසීමාව ආසන්නයෙන් දිවෙන ලෙන සමීපයෙහි කඳවුරු බැඳ සිටි නොඉවසිළිමත් ඥාතීහු තම දරුවන් ආරක්ෂාකාරීව නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් යාඥා කරමින් පසුවූහ.

තවත් කියවන්න:




























