තායිලන්තයේ ලෙනක සිරවූ පාපන්දු ක්‍රීඩකයින් ගැන තවදුරටත් අපේක්ෂාවක්

AFP/GETTY

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY

Published

ලෙන තුළ සිරවූ තරුණ පාපන්දු ක්‍රීඩකයින් ජීවතුන් අතර සිටින්නේයැයි තමන් තවමත් ශුභවාදීව සිතන බව තායිලන්ත නියෝජ්‍ය අගමැති පවසයි. නියෝජ්‍ය අගමැතිවරයා මේ බව පැවසූයේ ගලවා ගැනීමේ මෙහෙයුම් තුන්වෙනි දිනටත් ක්‍රියාත්මකවන විටදීය.

අවුරුදු 11 සිට 16 දක්වාවූ වයසේ සිටින ළමයින් ශිඅන්ග් රායි (Chiang Rai) පළාතේ පිහිටි ලෙනට ඇතුළුවූයේ සෙනසුරාදා (ජුනි 23) ය.

ජල මට්ටම ඉහළයාමත් සමග අත්සිටුවන්නට යෙදුණු ගලවා ගැනීමේ මෙහෙයුම නාවික කිමිදුම්කරුවන්ගේ උත්සාහය මත නැවත ආරම්භ කර තිබේ.

ලෙන් සංකීර්ණය තුළ දිගින් දිගටම හමුවූ පියවර සටහන් කණ්ඩායම ප්‍රවේශම් සහගත බවට ඇති අපේක්ෂා වැඩි කළේය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"ඔවුන් තවමත් ජීවතුන් අතර යැයි අපි ශුභවාදීව සිතනවා" නියෝජ්‍ය අගමැති ප්‍රාවිට් වොංශුවොන් (Prawit Wongsuwon) අඟහරුවාදා (26) පැවසීය.

"ඔවුන්ට ආහාරයට කිසිවක් නැතත් බොන්න වතුර තිබිය යුතුයි"

EAP

ඡායාරූප මූලාශ්‍රය, EPA

කිලෝමීටර ගණනාවක් පොළව යටින් විහිදෙන Tham Luang Nang Non ලෙන සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

ළමයින් සහ ඔවුන්ගේ විසිපස් හැවිරිදි පුහුණුකරු ලෙන් සංකීර්ණයේ එක් ගුහාවක සිටිතැයි විශ්වාස කෙරේ.

මියන්මාර දේශසීමාව ආසන්නයෙන් දිවෙන ලෙන සමීපයෙහි කඳවුරු බැඳ සිටින නොඉවසිළිමත් ඥාතීහු තම දරුවන් ආරක්ෂාකාරීව නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් යාඥා කරමින් පසුවෙති.

ඉන් අයෙකු "මගෙ පුතේ, මම ඔයා එක්ක යන්න මෙතැන ඉන්නේ" යැයි හඬමින් AFP පුවත් සේවයට පවසා තිබිණි.

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

කණ්ඩායම සිරවුණේ කෙසේද?

කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු සෙනසුරාදා (23) අපරභාගයේ Tham Luang Nang Non ලෙනට ඇතුළුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඔවුන් අතුරුදහන්ව ඇතැයි වාර්තාවීමත් සමග මුදාගැනීමේ කණ්ඩායම් සෙනසුරාදා රාත්‍රියේදීම මෙහෙයුම් ආරම්භ කර තිබේ. පරීක්ෂාව අතරමග නවතා දමන්නට සිදු වුවද, නාවුක කිමිදුම්කරුවන් අඟහරුවාදා උදෑසන ලෙනට ඇතුළුවීමට සමත්වී තිබේ.

ලෙන්වලට ඉහළින් ඇති කඳු අතරින් ලෙන තුළට පිවිසීම සඳහා ඇති අවකාශ පිරික්සීමට විශාල හමුදා භට පිරිස් කැඳවා තිබේ.

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Bangkok Post පුවත්පතට අනුව ලෙනට පිවිසීම සඳහා කුඩා දියපාරක් හරහා යායුතුය. එබැවින්, එහි ජලය වැඩිවන්නේ නම් ලෙනට පිවිසීමට අපහසුවේ.

ජුනි සිට ඔක්තෝබර් අතර කාලය තුළ පවතින තායිලන්ත වැසි සමයේ අඩි 16 ක් පමණ උසට ලෙන ජලයෙන් යටවීමේ හැකියාව ඇත.