BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
එක්සත් ජනපද-ඉරාන ගිවිසුම සමග එන මග හැර යා නොහැකි ප්රශ්නය : ඉරාන යුද්ධය කුමක් සඳහා ද?
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය උපායමාර්ගික පරාජයක් අත්විඳ ඇත. ලෝකයේ ශක්තිමත්ම බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ මැදපෙරදිග සුපිරි බලවතා වන ඊශ්‍රායලය විසින් ඉරානය අඩපණ කිරීමට හෝ විනාශ කිරීමට ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මිලිටරි මෙහෙයුමේදී, ටෙහෙරානයේ පාලන තන්ත්රය එහි නරකම බියකරු සිහිනයට මුහුණ දුන්නේය. ඉන් පාලන තන්ත්රය බේරී ගියා පමණක් නොව, තවත් බලවත් විය.
දරුවන් අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන් නීත්‍යානුකූල නොවන ශුක්‍රාණු දායකයන්ගේ ගොදුරු බවට පත්වෙන හැටි
දරුවෙකු ලැබීමේ දැඩි අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක් කරමින්, නීතිවිරෝධී සහ මිල අඩු ශුක්‍රාණු සාම්පල අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු කරළියට පැමිණ තිබේ. සරුභාවය සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීමට වත්කමක් හෝ අවස්ථාවක් නොමැති ඇතැම් කාන්තාවන්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි විකල්ප සෙවීමට පෙළඹී ඇත. මෙය කිසිදු නියාමනයක් නොමැති, ශීඝ්‍රයෙන් වර්ධනය වන කළු කඩ නිර්මාණය කිරීමට හේතු වී ඇති අතර, ඇතැම් කාන්තාවන් "ශුක්‍රාණු සෙවීම සඳහාම වෙන්වූ ටින්ඩර්" (Tinder for sperm) වැනි වෙබ් අඩවිවල පිහිට සොයා යන බව හෙළි වී තිබේ.
'ඊශ්‍රායලය බේරුණේ ඇමෙරිකානු ආයුධ නිසා': එක්සත් ජනපද උප ජනපතිගෙන් ඊශ්‍රායල් අමාත්‍යවරුන්ට විවේචනයක්
පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන තෙක් දෙරට අතර සමගිය පැවතිණි. කෙසේ වෙතත්, අප්‍රේල් මාසයේ සටන් විරාමයත්, ඉන් පසුව ඇති වූ සාකච්ඡා සහ කරුණු 14කින් යුත් වත්මන් අවබෝධතා ගිවිසුම පිළිබඳවත් ඊශ්‍රායලය කනස්සල්ල පළ කළේ ය.
වෑන්ස්ගේ ස්විට්සර්ලන්ත සංචාරය අවලංගු වීමත් සමග එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා කල් දැමෙයි
ධවල මන්දිර ප්‍රකාශකයෙකු බ්‍රහස්පතින්දා සවස (ජූනි 18) වාර්තාකරුවන්ට පැවසුවේ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් සිය ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසූ පරිදි තාක්ෂණික සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බවයි. එක්සත් ජනපද දූත පිරිස ඕනෑ ම වේලාවක පිටත්ව යාමට සූදානම් නමුත් සාකච්ඡාවේ මෙහෙයුම් සහ සැපයුම් කටයුතු පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස උපජනාධිපතිවරයා සිකුරාදා (ජූනි 19) ස්විට්සර්ලන්තයට නොයනු ඇති බව ද කියා සිටියේ ය.
තෙල්දෙණිය රෝහල අසලින් හමුවූ කාන්තා මළ සිරුර: අප මෙතෙක් දන්නේ මොනවා ද?
මගේ ඥාති පුතෙකුට නුවරඑළියේදී නංගිව හම්බ වේලා තිබුණා ජූනි 15 වන දා. ඒ හම්බ වුණාට පස්සේ එයා කියලා තිබුණා නිවාඩුවක් ගත කරන්න ආවා කියලා. ඊට පස්සේ මගේ ඥාති පුතාට සැක හිතිලා මේ ගැන මට දැනුම් දුන්නා."
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
නිවසට සූර්ය බල පද්ධතියක් සවි කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 5ක්
ඔබත් සූර්ය බලශක්ති පද්ධතියක් නිවසේ හෝ ඔබේ ආයතන පරිශ්‍රය තුළ සවි කිරීමට අදහස් කරයි නම්; එහිදී ඔබ අවධානය යොමු කළ යුතු කරුණු මොනවා ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
2026 පළමු මාස 6 අවසන් වීමට පෙර ඩෙංගු රෝගීන් 40,000 ඉක්මවයි: ඩෙංගු වේගයෙන් ව්‍යාප්ත වීමට බලපා ඇති හේතුව කුමක් ද?
කුණාටු තත්ත්වය හේතුවෙන් ඇතිවූ පාරිසරික ගැටළු සහ මේ වසර මුල සිට මේ දක්වා කඩින් කඩ ඇතිවූ වර්ෂාපතනය මදුරු ගහණය ඉහළ යාමට හේතුවක් වූ බව වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියේ ය.
චෙම්මනි සමූහ මීනී වළ උතුරෙන් හමුවූ විශාල ම සමූහ මිනි වළ බවට පත්වේ
මේ දක්වා මිනිස් සිරුරු 351 කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීම හරහා චෙම්මනි සමූහ මීනීවළ උතුරු පළාතෙන් මෑත ඉතිහාසයේ හමුවූ විශාලම සමූහ මීනීවළ බවට පත්ව තිබේ.
එල්-නිනෝ : ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර වලට ඇති කරන බලපෑම
මෙම එල්නිනෝ තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ පසුගිය (10 වැනිදා) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.ඊට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, පරිසර අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රජා ජලසැපයුම් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය වැනි රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ලෝක ආහාර වැඩසටහන, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි ජාත්‍යන්තර අයතනවල නියෝජිතයෝ ද සහභාගි වූහ.
ප්‍රමිතියෙන් යුතු සුරැකුම් නිවාසයක් හඳුනාගන්නේ කෙසේ ද?
කිසියම් පවුලක සාමාජිකයෙකු වැඩිහිටි නිවාසයකට භාර දීමට පෙර එම පුද්ගලයාගේ භාරකරුවන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චතුර මිහිදුම්ගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, යම් සුරැකුම් නිවාසයක් නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ ද? යන්න හඳුනාගැනීම සඳහා කරුණු කිහිපයක් පරීක්ෂා කළ යුතු බව ය.



















































