ලෝක ආර්ථිකයේ අපේක්ෂා දල්වන ඇමෙරිකා - ඉරාන සාම ගිවිසුම
ලෝක ආර්ථිකයේ අපේක්ෂා දල්වන ඇමෙරිකා - ඉරාන සාම ගිවිසුම
Published
ඇමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එකඟ වී ඇති බව එහි මැදිහත්කරු ලෙස කටයුතු කරන පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය ගිවිසුමකට එළඹ ඇති බවට පකිස්ථානය කළ නිවේදනය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ.
"ඉස්ලාමීය ඉරාන ජනරජය සමග ඇති ගිවිසුම දැන් සම්පූර්ණ යි," ඔහු Truth Socialහි සඳහන් කර තිබිණි.
"හෝමූස් සමුද්‍ර සන්ධිය නොමිලේ විවෘත කිරීමට මම මෙයින් සම්පූර්ණයෙන් ම අවසර දෙන අතර, ඒ සමග ම එක්සත් ජනපද නාවික අවහිරතාව වහා ම ඉවත් කිරීමට අවසර දෙනවා," ඔහු පැවසුවේ ය.
"ලොව පුරා නෞකා නැවත ඔබේ එන්ජිම පණ ගන්වන්න. ඉන්ධන ප්‍රවාහනය නැවත ආරම්භ කිරීමට සැරසෙන්න." ට්‍රම්ප් පැවසීය.









