චෙම්මනි සමූහ මීනී වළ උතුරෙන් හමුවූ විශාල ම සමූහ මිනි වළ බවට පත්වේ

චෙම්මනි අස්ථිවල ඡායාරූපයකි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මීනී වළ මෑත ඉතිහාසයේ උතුරු පළාතෙන් හමුවූ විශාලතම සමූහ මීනී වළ බවට පත්ව ඇතැයි, යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් පවසයි.

මහාචාර්යවරයා පැවසූවේ ජුනි 15 වැනි දා යාපනය චෙම්මනි සමූහ මීනී වළේ කැණීම් තුළින් තවත් මිනිස් සිරුරු 10 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවයි.

ඒ අනුව සමූහ මීනී වළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 351කට අදාළ අස්ථි කොටස් ගොඩ ගෙන ඇති අතර ඒ අනුව චෙම්මනි සමූහ මීනී වළ උතුරු පළාතෙන් මෑත ඉතිහාසයේ හමුවූ විශාලම සමූහ මීනී වළ බවට පත්වන බව ඔහු පැවසීය.

චෙම්මනී 251 වැනි සිරුරේ අස්ථි කොටස් දක්වන ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, චෙම්මනි සමුහ මීනීවළ උතුරෙන් හමුවූ විශාල ම සමූහ මීනීවළ බවට පත්වේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කළේ, මීට පෙර මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් සමූහ මීනී වළක් හමුවූ බවත් ඉන් මිනිස් සිරුරු 341 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබු බවයි.

උතුරු පළාතෙන් මින් පෙර වැඩිම අස්ථි කොටස් ගොඩ ගෙන තිබුණේ, අදාළ ස්ථානයෙන් බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්යා සඳහන් කළේය.

තමන් දැනට අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් චෙම්මනි සමූහ මීනී වළේ කැණීම් කටයුතු වෙනුවෙන් සහභාගි නොවන නමුත්,කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කැණීම් කණ්ඩායම ඉතා පරීක්ෂාකාරීව චෙම්මනි සමූහ මීනී වළේ කැණීම් කටයුතු සිදුකරන බව ද ඔහු පැවසීය.

උතුරු පළාතෙන් හමුවී ඇති සමූහ මීනී වළවල්

සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මීනී වළවල් හමුවූ අතර, අදාළ ස්ථානවල කැණීම් කටයුතු විටින් විට සිදු කෙරිණි.

2013 වසරේදී මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් සමූහ මීනී වළක් හමුවූ අතර, අදාළ සමූහ මීනී වළෙන් මිනිස් සිරුරු 88කට ආසන්න ගණනකට අයත් අස්ථි කොටස් ගොඩ ගැනිණි.

ඉන් අනතුරුව මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල ආසන්නයෙන් සමූහ මීනී වළක් 2018 වසරේ මතු කර ගත් අතර, ඒ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ගොඩගැනිණි. 2018 මාර්තු 26 වන දා සිට 2019 මාර්තු 7 දක්වා සමූහ මීනී වළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය.

මන්නාරම සමූහ මීනී වළ සම්බන්ධයෙන් ඇමෙරිකානු රසායනාගාර තුළ කාබන් පරීක්ෂාවන් සිදුකළ අතර, එහිදී අනාවරණය වූයේ අදාළ අස්ථි කොටස් වර්ෂ 1450ත් 1650ත් අතර කාලයකට අයත් බව ය.

මන්නාරම සමූහ මීනී වළ පිළිබඳ පරීක්ෂණයන්ගෙන් අනතුරුව මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සමූහ මීනී වළක් හමුවූ අතර, 2023 ජූනි 29 වන දා සමූහ මීනී වළ සම්බන්ධයෙන් වාර්තා විය. 2024 ජූලි 15 වන දා දක්වා කොක්කුතුඩුවායි සමූහ මීනී වළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරනු ලැබීය.

එහිදි මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් අතර, අදාළ සමූහ මීනී වළ 1994 හා 1996 දක්වා කාලයකට අයත් විය හැකි බවට කැණීම් නිලධාරීහු නිගමනය කළහ.

චෙම්මනි කැණීම්

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු විය.

Image copyright by BBC

Image copyright by BBC

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පළමු අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

දිනය අවසන් වන විට මිනිස් හිස් කබල් දෙකක කොටස් මතු කර ගැනීමට හැකි වූ අතර, වර්ෂාව හේතුවෙන් පළමු අදියරේ කැණීම් කටයුතු තාවකාලිව නවතා දැමිණි.

Image copyright by BBC

සුසාන භූමියේ දෙවන අදියරේ කැණීම් ආරම්භ විය.

Image copyright by BBC

විශේෂඥ කමිටුව සිදු කළ කැණීම්වලින් තවත් අස්ථි කොටස් කිහිපයක් මතු කර ගැනිණි.

Image copyright by BBC

දෙවන අදියරේ කැණීම් කටයුතු අවසන් කළ අතර, මිනිස් සිරුරු 19කට අයත් අස්ථි කොටස් හමුවිය.

Image copyright by BBC

මිනිස් අස්ථි කොටස් සොයා ගැනීම ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම් කරමින් උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන රැසක් තෙදින විරෝධතාවක් ආරම්භ කළේ ය.

Image copyright by BBC

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මෙම සුසාන භුමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

Image copyright by BBC

තෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

Image copyright by BBC

- කාන්තාවකගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් මතු කර ගත් අතර එම කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමු විය.

- පාසල් බෑගයක් සහ ඒ අසල කුඩා දරුවෙකුගේ මළ සිරුරකට අයත් බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමුවිය.

- රබර් බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළනඳින වළලු යුගලක්, මිනිස් ඇඳුම් කොටස් කිහිපයක් ද තිබී හමුවිය.

Image copyright by BBC

තුන්වන අදියරේ කැණීම් කටයුතු අවසන් වන විට මිනිස් සිරුරු 65ක අදාළ අස්ථි කොටස් මතු කර ගෙන තිබිණි.

Image copyright by BBC

චෙම්මනි සුසාන භූමියෙන් මතු වන අස්ථි කොටස් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කොළඹදී විරෝධතාවක් පැවැත්විණි.

Image copyright by BBC

සිව්වන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.

Image copyright by BBC

මිනිස් සිරුරු 85කට අදාළ අස්ථි කොටස් හමු වූ අතර ඇදුම් කොටසක්, කුඩා බෝතලයක් හා දරුවන්ගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් ද හමු වූ බව කැණීම් කටයුතු නිරීක්ෂණය කරන අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. නිරංජන් පැවසුවේ ය.

Image copyright by BBC

කැණීම්වලින් තවත් මිනිස් සිරුරු තුනකට අදාළ අස්ථි කොටස් හමු වී ඇති අතර ඒ අනුව මේ වන විට මිනිස් සිරුරු 88කට අදාළ අස්ථි කොටස් හමු වී තිබේ.

Image copyright by BBC

මිනිස් සිරුරු සංඛ්‍යාව 104ක් දක්වා ඉහළට.

Image copyright by BBC

මිනිස් සිරුරු සංඛ්‍යාව 130ක් දක්වා ඉහළට. අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව හමුවූ මිනිස් අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍ය අගෝස්තු 5 වන දා හදුනා ගැනීම සඳහා මහජන ප්‍රදර්ශනයට තැබීමට අවසර ලැබීම.

Image copyright by BBC

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් විසින් චෙම්මනි මිනිස් අස්ථි කොටස් හමුවූ භූමිය ස්කෑන් පරීක්ෂාවට ලක් කෙරේ.

Image copyright by BBC

කැණීම් තාවකාලිකව නතර කෙරුණු අතර කැණීම් අවසන් වන විට මිනිස් සිරුරු 147කට අදාළ අස්ථි කොටස් සොයා ගැනිණි. මීළඟ අදියර අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත ය.

Image copyright by BBC

කැණීම් කටයුතු අවම වශයෙන් තවත් සති 8ක පමණ කාලයක් සිදුකළ යුතු බවට විශේෂඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටීම සහ ස්කෑන් වාර්තාව හා කැණීම් කටයුතු පිළිබඳ විමර්ශන වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම

Image copyright by BBC

පස්වන අදියරේ කැණීම් ඇරඹේ.

හමුවූ මිනිස් සිරුරු ගණන 166ක් දක්වා ඉහළට.

චෙම්මනි සමූහ සුසානය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිර්දේශ 16ක් ඇතුළත් වාර්තාවක් නිකුත් කරන ලදී.

Image copyright by BBC

සමූහ සුසානයේ පස්වන අදියරේ කැණීම් අවසන් කෙරිණි. මෙම අදියර අවසන් වන විට මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් සොයා ගැනිණි.

Image copyright by BBC

හයවන අදියරේ කැණීම් ඇරඹේ.

කැණීම් තුළින් මිනිස් සිරුරු 360කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබූ අතර, එයින් මිනිස් සිරුරු 351කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීම සිදු කළේ ය.

Image copyright by BBC

චෙම්මනි සමූහ මිනිවළේ කැණීම් කටයුතු

චෙම්මනි සමූහ මීනී වළේ කැණීම්වල හයවන අදියරේ 25 දිනය වූ (ජුනි 15 වැනි දා) අවසන්වන විට සමූහ මිනිවළේ කැණීම් තුළින් මිනිස් සිරුරු 360 කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබූ අතර, ඉන් මිනිස් සිරුරු 351 කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීම සිදුකළ බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී.කේ.නිරංජන් පැවසීය.

සමූහ මීනී වළේ කැණීම් කටයුතු කරනු ලබන්නේ, යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ ය.

සමූහ මීනී වළ කැණීමේදී මේ දක්වා විවිධ භාණ්ඩ රැසක් හමුවු බවත්, ඒ අතර රබර්වලින් සකස් කරන ලද බෝනික්කෙකු, සපත්තු යුගලක්,කුඩා දරුවන් පළදින වළලු යුවළක්, කුඩා දරුවකුගේ කිරි බෝතලයක්, පාවහන් කොටසක්, මිනිස් ඇදුම් කොටස් කිහිපයක්, ඇඳුම් කොටස් කිහිපයක් හා තවත් විවිධ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගෙන ඇති බව ද නීතිඥ වී.කේ. නිරංජන් පැවසීය.

මෙතෙක් හමුවූ අස්ථි කොටස් හා සමූහ මීනී වළ තුළින් හමුවු භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් භාරයේ තබා ඇත.