ඉන්දියාවේ කොටි ගහනය ඉහලට

Published

ඉන්දියාවේ කොටි ගහනය ඉකුත් වසර හතර තුළදී සියයට තිහකින් ඉහල ගොස් ඇති බව ඉන්දීය පරිසර අමාත්‍යංශය පවසයි.

ඉන්දීය පරිසර අමාත්‍යංශයේ අලුත්ම සංගණන වාර්තාවට අනුව 2010 වසරේ 1706 වූ කොටි සංඛ්‍යාව මේ වන විට 2226 දක්වා වැඩිවී තිබේ.

ඉන්දියාවේ කොටි ගහනය අඩු වෙමින් තිබෙන බවට දිගටම පැමිණිලි කරමින් සිටි පරිසරවේදීන්ට මේ ප්‍රවෘතිය හොඳ ආරංචියක් වනු ඇති බවයි වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ලෝකයේ සමස්ත කොටි ගහනයෙන් 70 % හැත්තෑවක් පමණ ඉන්දියාවේ සිටින බවට ඇස්තමේන්තු කොට තිබේ.