දෙවැනි දරුවා වීමේ වරදට වන්දි ගෙවන චීන දරුවෝ

දැනටමත් එක්දරු නීතිය උල්ලංඝනය කරමින් ඉපදී ඇති මිලියන දහයත් විස්සත් අතර දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් මුහුණදෙන ගැටළු වලට සාධාරණ විසඳුම් ලැබෙන්නේද යන්න තවමත් ගැටළුවක්ව පවතී.
චීනයේ බොහෝ ළදරු පාසල් ඒ වයසේ ඉන්න සියලු දරුවන්ට විවෘත වන අතර ඒ සඳහා කිසිදු මුදලක් අය කරන්නේ ද නැත.
එහෙත් ඇතැම් දරුවන් ඇතුළු කර ගැනීම සඳහා අල්ලස් දීමට සිදුවන බවට එම දරුවන්ගේ දෙමව්පියෝ පවසති.
එයට හේතුව වී ඇත්තේ එම දරුවන් පවුලේ දෙවෙනි දරුවන් වීමය. චීනයේ නීතියට අනුව එක් දරුවකුට වඩා හදා ගැනීම නීති විරෝධී වේ.
උප්පැන්න සහතිකය දෙන්නේ නැහැ
එම එක් දරු නීතිය උල්ලංඝණය කරමින් දරුවන් සැදීමේ වැරැද්දට දඬුවමක් ලෙසට ප්‍රාදේශීය බලධාරීන් විසින් මේ උපතට අදාළ ලිපි ලේඛන දෙමව්පියන් වෙත නිකුත් නොකොට රඳවා තබාගනිති.
එමගින් සිදු වන්නේ ලිපි ලේඛන නොමැති දරුවන්ට සෞඛ්‍ය පහසුකම් හෝ නිදහස් අධ්‍යාපනය ලබාගැනීමට හෝ පුස්තකාලයක් පාවිච්චි කිරීම වැනි කටයුතු සඳහා ඇති අයිතිය අහිමි වීමයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
රජය මගින් නිකුත් කළ උප්පැන්න සහතික ඇතුළු ලිපි ලේඛණ නොමැතිනම් අඩුම තරමින් රට තුල සංචාරය කිරීමේ අයිතියද නොලැබී යයි.
මෙවැනි ගැටලුවකට පත්වී ඇති ජන් පවුල ප්‍රාදේශීය බලධාරීන් එක්ක ඔවුන් තම අයිතීන් දිනා ගැනීමට ගෙනයන්නේ විශාල අරගලයකි.
රජය විසින් අනිවාර්ය කර ඇති උපත් පාලනය කිරීමේ නීතිය රකින්නට ජන් මහත්මිය අසමත් වූ දවසේ සිටය ඔවුන් මේ ගැටලුවට මුහුණපා ඇත්තේ.
බලහත්කාරයෙන් වඳ භාවයට
“මම ගැබ්බර වෙලා කියල දැනගත්තු දවසෙ මම පුදුම විදියට බය වුන. මට පොඩි සතුටකුත් ඇති නොවුන නෙවෙයි. මට අවශ්‍ය වුණේ නැහැ ගමේ අනිත් අය දැනගන්න මට තව දරුවෙක් ලැබෙන්න ඉන්න බව. එහෙම වුනොත් ඒ අය ගබ්සාවක් කරගන්න මට බල කරන නිසා” යනුවෙන් ඇය තම ඇත දැකීම විස්තර කළාය.
එවැනි දෙවැනි දරුවකු ඉපදුනු පසු ඒ වෙනුවෙන් දඩ ගෙවීමට සිදුවේ.
දෙදහස් දොළහ වසරේ දී පමණක් චීනය පුරා සිටින දෙවෙනි දරුවන් විසින් ගෙවන ලද දඩ මුදල ඩොලර් බිලියන තුනයි දශම තුනක් ලෙස ගණන් බලා තිබේ. මේ මුදල් රජයට ලැබෙන බවට පැහැදිලි තොරතුරු නැති බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විවේචකයන් පවසන්නේ පළාත් පාලන ආයතන අමතර අදායමක් ලෙස මෙම මුදල් ලබා ගන්නා බවයි.
දඩ මුදල මුළුමනින්ම ගෙවුවද උපතට අදාළ සහතික ලබාගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවන අවස්ථාද ඇත.
ඒ සඳහා අදාළ මව වඳ සැත්කමක් කර ගැනීමද කලයුතු වන අතර
මෙලෙස බලහත්කාරයෙන් වඳ භාවයට පත්කළ චීන කාන්තාවන් ගේ සංඛ්‍යාවද විශාලය..

























