තායිවානය: දුම්රිය අනතුරකින් හතළිහකට වැඩි පිරිසක් මරුට

People walk next to a train which derailed in a tunnel north of Hualien

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරින් දිවි ගලවාගත් මගීන් පිටතට පැමිණෙන අයුරු
Published

තායිවානයේ දුම්රිය අනතුරකින් අවම වශයෙන් 48 දෙනෙකුවත් මරණයට පත්ව තිබේ.

උමගක් වෙත ධාවනය වෙමින් පැවති දුම්රිය ගැටීමකට ලක්ව පීලිපැන ඇති අතර මගීන් දෙසීයක් පමණ ඒ තුළ සිර වී සිටියහ.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 500 ආසන්න සංඛ්‍යාවක් එහි ගමන් කර තිබේ.

තවත් ගණනාවක් තුවාල ලබා ඇති අතර බරපතල ලෙස හානි සිදුව ඇති මැදිරි කීපයක් වෙත පිවිසීමට ගලවා ගැනීමේ කණ්ඩායම් උත්සාහ කරමින් සිටිති.

උමං මග පිවිසුමේදී, ඉදිකිරීම් සඳහා යොදා ගනු ලබන වාහනයක් දුම්රිය මග වෙත තල්ලු වී ඇති අතර මැදිරි අටකින් සමන්විත දුම්රිය එහි ගැටී ඇති බව වාර්තා වේ.

Taiwan rail crash site

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙනෙන්නට ඇති පරිදි දුම්රිය මැදිරි ආසන්නයේ කහ පැහැයෙන් දක්නට ඇත්තේ ඉදිකිරීම් සඳහා යොදා ගනු ලබන වාහනයයි

දීර්ඝ සති අන්ත නිවාඩුවට ගත කිරීමට යන මගීන් රැගත් දුම්රිය තායිපේ අගනුවර සිට තේටන්ග් වෙත ධාවනය වෙමින් තිබිණි.

මැදිරි මගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙන් බොහෝ දෙනෙකු සිටගෙන ගමන් කර ඇත.

මෙම දුම්රිය ධාවනයේ දී පැයට කිලෝමීටර 130 දක්වා වේගයකට ලඟා වීමේ හැකියාව තිබේ.

මේ ගැනත් කියවන්න: