ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිවානය: දුම්රිය අනතුරකින් හතළිහකට වැඩි පිරිසක් මරුට
තායිවානයේ දුම්රිය අනතුරකින් අවම වශයෙන් 48 දෙනෙකුවත් මරණයට පත්ව තිබේ.
උමගක් වෙත ධාවනය වෙමින් පැවති දුම්රිය ගැටීමකට ලක්ව පීලිපැන ඇති අතර මගීන් දෙසීයක් පමණ ඒ තුළ සිර වී සිටියහ.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 500 ආසන්න සංඛ්‍යාවක් එහි ගමන් කර තිබේ.
තවත් ගණනාවක් තුවාල ලබා ඇති අතර බරපතල ලෙස හානි සිදුව ඇති මැදිරි කීපයක් වෙත පිවිසීමට ගලවා ගැනීමේ කණ්ඩායම් උත්සාහ කරමින් සිටිති.
උමං මග පිවිසුමේදී, ඉදිකිරීම් සඳහා යොදා ගනු ලබන වාහනයක් දුම්රිය මග වෙත තල්ලු වී ඇති අතර මැදිරි අටකින් සමන්විත දුම්රිය එහි ගැටී ඇති බව වාර්තා වේ.
දීර්ඝ සති අන්ත නිවාඩුවට ගත කිරීමට යන මගීන් රැගත් දුම්රිය තායිපේ අගනුවර සිට තේටන්ග් වෙත ධාවනය වෙමින් තිබිණි.
මැදිරි මගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙන් බොහෝ දෙනෙකු සිටගෙන ගමන් කර ඇත.
මෙම දුම්රිය ධාවනයේ දී පැයට කිලෝමීටර 130 දක්වා වේගයකට ලඟා වීමේ හැකියාව තිබේ.