තායිවානයේ දුම්රිය ප්‍රහාරයෙන් මගීන් රැසකට තුවාල

Injured people are helped by emergency rescue workers outside a station after an explosion on a passenger train in Taipei, Taiwan, Thursday, July 7, 2016

ඡායාරූප මූලාශ්‍රය, AP

Published

තායිවානයේ තායිපෙයි අගනුවර මගීන් ගෙන් පිරී තිබුණු දුම්රියක් තුළ හටගත් පිපිරීමකින් අඩුම තරමින් පුද්ගලයන් විසි හතර දෙනෙකු පමණ දැඩි ලෙස තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.

තායිපෙයි අගනුවර සෝන්ග්ශාන් දුම්රිය පොළෙන් මධ්‍යම රාත්‍රිය උදා වීමට මිනිත්තු කිහිපයක් තිබියදී පිටත් වූ දුම්රියක් තුළ හටගත් මෙම හදිසි පිපිරීමෙන් මගීන් රැසකට දරුණු පිළිස්සුම් තුවාල සිදු වී ඇති බවයි තායිවාන බලධාරීන් පවසන්නේ.

විශාල ප්‍රමාණයේ රතිඥ්ඥා කරළක් ලෙස දිස්වුනු ප්ලාස්ටික් ට්යුබයකට පුපුරන ද්‍රව්‍ය අසුරා දුම්රිය තුළ පුපුරුවා හැර ඇති බවට සාක්ෂි හමු වූ බවයි තායිවාන පොලිසිය ප්‍රාදේශීය මාධ්‍යට වාර්තා කර තිබුණේ.

මෙය හදිසි අනතුරක්ද නැතහොත් හිතා මතා සිදු කළ පැහැර දීමක්ද යන්න තවමත් පැහැදිළි නැති බවයි තායිවානයේ අගමැති ලින් චුවැන් කියා සිටියේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, පුද්ගලයන් විසි හතර දෙනෙකු පමණ දැඩි ලෙස තුවාල ලබා ඇත.
An injured man is helped by emergency rescue workers after an explosion on a passenger train in Taipei, Taiwan, Thursday, July 7, 2016

ඡායාරූප මූලාශ්‍රය, AP

An injured man sits on the ground outside a station after an explosion on a passenger train in Taipei, Taiwan, Thursday, July 7, 2016

ඡායාරූප මූලාශ්‍රය, AP

Policemen check a train after an explosion at the Songshan train station in Taipei, Taiwan

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දුම්රියේ පිපිරීම සිදු වූ මැදිරියේ පොලිසිය තවමත් පරීක්ෂණ පවත්වමින් සිටියි.