ශ්‍රී ලංකා ජනාධිපතිවරණය: එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස

අමාත්‍ය සජිත් ප්‍රේමදාස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

ලබන නොවැම්බර් 16 වනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නම්කර තිබේ.

ඒ බව තීන්දු කරන ලද්දේ බ්‍රහස්පතින්දා සවස (සැප්තැම්බර් 26) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසිනි.

පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කිරීමෙන් අනතුරුව එයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමවූ බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ 2005 දී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන පළමු අවස්ථාව මෙය වේ.

2010 සහ 2015 ජනාධිපතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයන්ට සහය පළ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය

වත්මන් රජයේ නිවාස සහ සංස්කෘතික අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා ය.

පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමග දැඩි අරගලයක දීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සිදුවිය. කොන්දේසි කිහිපයක් යටතේ ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟවූ බවට බදාදා (සැප්තැම්බර් 25) වාර්තා පළවූ නමුත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කළේය.

කියවන්න: