BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
වීඩියෝ, පාසල් විද්‍යාගාරයක සිදු වූ අනතුරකින් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ දැරිය: 'දුව මගෙන් ඇහුවා මගේ මූණ හැමදා ම මෙහෙම ද තියෙන්නේ කියලා', ධාවන කාලය 11,05
බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක පසුගිය මාර්තු 23 දින පාසලේ විද්‍යාගාරයේ සිදු වූ අනතුරකින් "දැඩි පිළිස්සුම් තුවාල" ලබා තිබුණා ය. මෙම අනතුරින් දැරියගේ මුහුණට, වම් අතට සහ දකුණු අතට පිළිස්සුම් තුවාල සිදුව තිබිණි.
වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර දීමේ අවසන් දිනය ජූනි 30: ඔබ දැනගත යුතු ම කරුණු 6ක්
වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාර දීමේ අවසන් දිනය ලෙස ජූනි 30 දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව එම ප්‍රකාශ භාර දිය යුතු පිරිස් එදිනට පෙර ඒවා උක්ත කොමිෂන් සභාවේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා යොමු කළ යුතු ය.
2026 පළමු මාස 6 අවසන් වීමට පෙර ඩෙංගු රෝගීන් 40,000 ඉක්මවයි: ඩෙංගු වේගයෙන් ව්‍යාප්ත වීමට බලපා ඇති හේතුව කුමක් ද?
කුණාටු තත්ත්වය හේතුවෙන් ඇතිවූ පාරිසරික ගැටළු සහ මේ වසර මුල සිට මේ දක්වා කඩින් කඩ ඇතිවූ වර්ෂාපතනය මදුරු ගහණය ඉහළ යාමට හේතුවක් වූ බව වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියේ ය.
වෝසින්යා: එක් රැයකින් පාපන්දු ලෝලීන් අතර උමතුවක් බවට පත් වූ 40 හැවිරිදි දැල් රකින්නා
ඇට්ලන්ටා ක්‍රීඩාංගණය පුරා තරගය අවසන් කිරීමේ විසිල් නාදය පැතිර යත්ම, කැමරා කාච යොමුවූයේ කේප් වර්ඩ් කණ්ඩායමේ දැල් රකින්නා වන වෝසින්යා වෙතට ය. ලෝක කුසලාන තරගාවලියේ ප්රබලතම කණ්ඩායමක් වන ස්පාඤ්ඤයට එරෙහිව සිය කණ්ඩායම 0-0ක් ලෙස තරගය සම තත්ත්වයෙන් අවසන් කිරීමට සමත්වීමත් සමග, තමන් අත් කර ගත් එම අතිවිශිෂ්ට ජයග්‍රහණයේ පරිමාණය වටහා ගත් 40 හැවිරිදි මෙම ක්‍රීඩකයාගේ දෙනෙතින් සතුටු කඳුළු ගලා ආවේ ය.
බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: DNA පරීක්ෂණය සඳහා පල්ලේගම හේමරතන හිමි රුධිර සාම්පල ලබා දෙයි
අනුරාධපුර හිටපු අටමස්ථානධිපති පල්ලේගම හේමරතන හිමියන් DNA පරීක්ෂණයක් සඳහා සිය රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා අඟහරුවාදා (ජූනි 16) ලබා දුන්නේ ය. ඒ, උන්වහන්සේ නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ප්‍රමිතියෙන් යුතු සුරැකුම් නිවාසයක් හඳුනාගන්නේ කෙසේ ද?
කිසියම් පවුලක සාමාජිකයෙකු වැඩිහිටි නිවාසයකට භාර දීමට පෙර එම පුද්ගලයාගේ භාරකරුවන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චතුර මිහිදුම්ගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, යම් සුරැකුම් නිවාසයක් නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ ද? යන්න හඳුනාගැනීම සඳහා කරුණු කිහිපයක් පරීක්ෂා කළ යුතු බව ය.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ ද?
දැනට පවතින විශ්‍රාම වයස සංශෝධනය කර එලෙස විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් නිකුත් කර තිබේ.
සුපිරි ඩීසල් ලීටරයකින් රු. 397ක අලාභයක්: ඉන්ධන මිලට රජය දෙන සහනය අවසන් වුවහොත් සිදු විය හැක්කේ කුමක් ද?
අප්‍රේල් මාසයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 34.59ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 22.46ක්, ලංකා ඔටෝ ඩීසල් සඳහා රුපියල් 367.70ක්, ලංකා සුපිරි ඩිසල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 397.07ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 325.53ක පාඩුවක් දැරීමට රජයට සිදුව ඇත.
පැසිෆික් සාගරයේ සිට මහද්වීප පසු කර පැමිණෙන සුපිරි එල් නිනෝව ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම කුමක් ද?
පසුගිය වසර අවසානයේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසුව තවමත් එයින් යථා තත්ත්වය පැමිණීමට උත්සාහ කරන අපට පැසිෆික් සාගරයේ සිදුවන කාලගුණ වෙනස්වීම් බලපාන්නේ කෙසේ ද? එය අපගේ කාලගුණයට සහ විශේෂයෙන් ම ආහාර සැපයුමට බලපෑමක් ඇති කරනවා ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.
Exclusive: ප්‍රමාදයට හේතු සොයා සාගරිකා දුම්රියෙන් බෙලිඅත්තේ සිට කොළඹ කොටුවට බීබීසීය ගිය ගමන
ප්‍රමාදයන් ගැන නිතර අසන්නට ලැබෙන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදය නිසා මගීන්ට විඳීමට සිදුව ඇති දුෂ්කරතා ගැන සොයා බැලීම සඳහා මැයි (25 වැනි සඳුදා) බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රියෙන් අපි කොළඹ කොටුව දක්වා පැමිණියෙමු.



















































