BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
පාස්කු ප්‍රහාරය: හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සිකුරාදා (ජූලි 31) මරණ දඬුවම නියම කෙරිණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය ශ්‍රී ලංකාව අලුත් කරයි: රුමේෂ් තරංගගෙන් ඓතිහාසික රන් පදක්කමක්
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත් පළමු වන ඓතිහාසික අවස්ථාව මෙය ලෙස සටහන් වේ. ග්ලාස්ගෝ ස්කොට්ස්ටන් ක්‍රීඩාංගණයේදී රුමේෂ් තරංග මෙම ජයග්‍රහණය වාර්තා කළේ, ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා යමිනි.
මරණ දඩුවම නියම වූ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යනු කවුද?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව 2018 සැප්තැම්බර් මස 3 වන දා හේමසිරි ප්‍රනාන්දු සිය කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස පත් කිරීමට කටයුතු කෙරිණි. 2018 වසරේ දෙසැම්බර් 21 වන දා ඔහු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට කටයුතු කළේ ය.
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යනු කවුද? ඔහුට ලැබුණු සුවිශේෂී නඩු තීන්දු 3ක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සිකුරාදා (ජූලි 31) මරණ දඬුවම නියම කෙරිණි. ඒ බෙදුණු තීන්දුවක් ලෙස ය. මේ එලෙස මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඔබ දැන ගතයුතු කරුණු කිහිපයකි.
ට්‍රම්ප්ගේ සාම මණ්ඩලය සමග ඇති කර ගත් ගිවිසුමකින් පසු හමාස් සංවිධානය ආයුධ අත්හැරීමට එකඟ වෙයි
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසීය වෙත පැවසුවේ, ගාසාහිදී සම්පූර්ණයෙන් නිරායුධ වීම සම්බන්ධයෙන් සාම මණ්ඩලය ඉදිරිපත් කළ සැලැස්මට එම සංවිධානය එකඟ වී ඇති බවත් ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් ඉදිරියේදී නිකුත් කරන බවත් ය. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
මීගමුව බන්ධනාගාර ගැටුම: ප්‍රධාන ජේලර්ගේ 'අතිශය සංවේදී තොරතුරු ඇතුළත් සාක්ෂිය' ගැන මහේස්ත්‍රාත් දුන් නියෝගය
මීගමුව බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුම සිදුවන අවස්ථාවේ එහි ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ නිලධාරියා පැය 2ක පමණ කාලයක් අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂියේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවක් ඇති තොරතුරු ඇතුළත් වන බව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා ප්‍රකාශ කළා ය. ඒ අනුව ඇය නියෝග කළේ, එම සංවේදී සියලු තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් කළහොත් රටේ ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
මූලික අයිතිවාසිකම් කඩවීමකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන්නේ කෙසේ ද?
මූලික අයිතිවාසිකම් යනු අපට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ම සහතික කර ඇති අයිතීන් ය. ඒවා විධායකය හෝ රජය නිලධාරීන් අතින් කඩවූ අවස්ථාවක ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ අවස්ථාව ඔබට තිබේ. ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?
සුරේෂ් සලේ වෙනුවෙන් දින 7ක් කළ කරුණු දැක්වීම අවසන්: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
"ස්වාමීනී... පෙත්සම්කාර සුරේෂ් සලේගේ මව කිතුණු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුණු දේවස්ථානට ගොස් තිබුණා. ඇය දරුවන් තුන් දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. ඔවුන් අද අධිකරණයට පැමිණ සිටිනවා. මෙම පෙත්සම්කරු සෑම අඟහරුවාදා දිනක ම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයෙකු කිතුණු දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරයි ද? ස්වාමීනි..."
ලෝකයට නැතිවම බැරි මෙට්‍රෝ දුම්රිය ශ්‍රී ලංකාවට නොගැළපෙනවා ද?
මෙට්‍රෝ (metro), සබ්වේ (subway), ටියුබ් (tube) , අන්ඩර්ග්‍රවුන්ඩ් (underground) හෝ MRT යනු දියුණු රටවල වෙසන බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඒවා එම ජනතාවගේ ජීවිත හා බැඳුණු නැතිවම බැරි සේවාවකි. එම රටවල මහජනතාවගේ දෛනික ජීවිතයේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ලන්නේ, මෙම දුම්රිය සේවවාන්ය.
'මායාවන්ගෙන් සහ මනුෂ්‍යත්වයෙන් පිරුණු' The Odyssey චිත්‍රපටය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්
මැට් ඩේමන්, ඈන් හැතවේ සහ ටොම් හොලන්ඩ් රංගනයෙන් දායක වන, ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණය සිනමාහල් තුළ ප්‍රදර්ශනය වෙමින් පවතින මොහොතක මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චිත්‍රපටය ගැන ඔබ දැන සිටිය යුතු විශේෂ කරුණු 5ක් පිළිබඳව ය.
දියර කිරි, සබන් සහ සනීපාරක්ෂක තුවාවලට අලුත් ම නීති
පාරිභෝගික භාණ්ඩ කිහිපයකට අදාළව නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව සබන්, සැකසු දියර කිරි සහ සනීපාරක්ෂක තුවා සම්බන්ධව මෙසේ නව රෙගුලාසි කිහිපයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.




















































