ඔසප් වීම ගැන පිරිමි දැන ගත යුතු දේවල් මොනවා ද?

වීඩියෝ ශීර්ෂ වැකිය,
ඔසප් වීම ගැන පිරිමි දැන ගත යුතු දේවල් මොනවා ද?
Published

ලොව පුරා කාන්තාවන් සහ නව යොවුන් වියේ පසු වන ගැහැනු දරුවන් බිලියන 2.1ක් පමණ ඔසප් වීම අත්විඳින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ඔසප් වීම ශරීරයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් වන අතර ඔසප් වන පුද්ගලයන් එය අත්විඳින ආකාරය එකිනෙකාට වෙනස් වේ.

එය ධනාත්මක, සාමාන්‍ය හෝ අපහසුතා රහිත අත්දැකීමක් විය හැකි අතර, තවත් පිරිසකට වේදනාකාරී, ලැජ්ජාවක් ඇති කරන හෝ සමාජයෙන් අපකීර්තියට ලක්වන අත්දැකීමක් ද විය හැකි ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, ඔසප් වීම සම්බන්ධ ඍණාත්මක අත්දැකීම්, පුද්ගලයෙකුගේ සමස්ත සෞඛ්‍යයට සහ යහපැවැත්මට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව ය.

එවැනි පසුබිමක බීබීසී සිංහල අපි පිරිමි පාර්ශවයට ඒ වෙනුවෙන් කළ හැකි දේ පිළිබඳව සොයා බැලීමක් කළෙමු. ඒ සඳහා ඔවුන්ට ඔසප් වීම සම්බන්ධයෙන් ඇති දැනුම මෙන් ම ඊට පිරිමි පාර්ශවය වශයෙන් කාන්තාවන්ට සහය විය හැකි ආකාරය ගැන ද බීබීසී සිංහල සේවය සොයා බැලීය.