ආසියාවේ දේශපාලන සහ ආර්ථික සහයෝගිතාව අවධාරණයට

ඡායාරූප මූලාශ්‍රය, Elvis

Published

දේශපාලන සහ ආර්ථික වශයෙන් ආසියාවේ පුළුල් සහයෝගිතාවක් ඇති කර ගත යුතු බව චීන ජනාධිපති ෂි ජින්පින්ග්(Xi Jinping) බොආඕ සමුළුවේ වාර්ෂික රැස්වීමේ ප්‍රධාන දේශනය කරමින් අවධාරණය කරයි.

බොආඕ සමුළුව ආසියාවේ සහ සෙසු මහද්වීපවල රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන් සහ ශාස්ත්‍රඥයන් සහභාගි වන ජාත්‍යන්තර සම්මේලනයකි.

චීන ජනාධිපතිවරයා මෙහිදී, චීනය හඳුන්වා දෙනු ලැබුවේ කලාපීය සංවර්ධනයේ හදවත ලෙසයි.

එහෙත් චීනය සෙසු ජාතීන්ට සිය අභිමතය මගින් බලපෑමක් නොකරන බවයි චීන ජනාධිපතිවරයා පැවසුවේ.

ඡායාරූප මූලාශ්‍රය, Elvis

චීනයේ අලුතින් වාර්ථාවූ අඩු ආර්ථික වර්ධනයට අවශ්‍ය අනුයෝජනයන් සකස් කර ගත යුතු බව පැවසූ ඔහු, කලාපීය වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ආර්ථික වැඩසටහන් පිළිබඳව සැලසුම් අනාවරණය කළේය.

එසේ නමුත් කලාපීය රටවල් චීනයේ බලාපොරොත්තු මෙන්ම විශේෂයෙන්ම කලාපීය ප්‍රශ්න කෙරෙහි චීනය දක්වන අධිකාර භාවය පිළිබඳව දැක්වූයේ ප්‍රවේශම්කාරී ආකල්පයක්.

චීන ජනාධිපතිවරයා සිය දේශනය, ආසියාව පිළිබඳව ඇති සිය උදාර දැක්ම විදහා දැක්වීමට යොදා ගත් බවයි බීබීසී වාර්තාකරු, මයිකල් බ්‍රිස්ටෝ (Michael Bristow) පැවසුවේ.

ආයෝජන බැංකුවක් සහ සැබෑ ජාත්‍යන්තර වෙළෙඳ මාර්ගයක් ලෙස ඉපැරණි සේද මාවත යළි ආරම්භ කිරීමේ සැලසුම් ගැනත් අදහස් පළ කළ බවයි වාර්තාකරු ප්‍රකාශ කළේ.