චීනය: දරුවන් දෙදෙනෙකුට අවසර?

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

චීන පවුල් සැලසුම් නීතිය ලිහිල් කිරීම සඳහා සලකා බලන බව චීන බලධාරීහු පවසති.

ඒ අනුව චීන දෙමාපියන්ට දරුවන් දෙදෙනෙකු හදා ගැනීම සඳහා අවසරය ලැබීමට නියමිතයි.

චීනයේ දැනට පවතින නීතිය අනුව දෙවැනි දරුවා හදා ගැනීමට අවසර ඇත්තේ මව සහ පියා ද සිය පවුලේ එකම දරුවා වී සිටියා නම් පමණයි.

එම නීතියේ හොඳ නරක මැන බැලීමකට ලක් කළ බවයි චීන අගමැතිවරයා කියා සිටියේ.

ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ගේ උපත් වැඩි වශයෙන් සිදු වීම වැනි සමාජ ගැට‍ළු පැන නැගීමට චීන පවුල් සැලසුම් නීතිය හේතු වී තිබේ.