චීනයේ 'ලෙෂන්' යෝධ බුදුරුව දශක හතකට පසු පළමු වරට ගං දියෙන් තෙත් වෙයි

Giant Buddha carved from rock with floodwater around its base (18 Aug)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

චීනයේ පිහිටි යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී තිබේ.

සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශය ආසන්නයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති 'ලෙෂන්' බුදු පිළිමයේ උස මීටර 71 කි.

ශෛලමය බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී පමණ නිමවන ලද්දකි.

පිළිමය දිය පහරට ඉහළින් පිහිටා ඇතත් එම ප්‍රදේශය1940 ගණන්වලින් පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දී තිබේ.

ඒ හේතුවෙන් 100,000 ට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබිණි.

බුද්ධ ප්‍රතිමාව විශාල ආකර්ෂණයක් දිනා ගෙන ඇති අතර අසල පිහිටි 'යැන්ග්ට්සේ' නදිය සහ 'ත්‍රී ගෝර්ජස්' වේල්ල අවට බෝට්ටු සවාරි ද සංචාරකයන් අතර ජනප්‍රිය වී තිබේ.

ජල මට්ටම ඉහළ යාමත් සමග ප්‍රතිමාව පිහිටි භූමියේ සිටි සංචාරකයන් 180 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන ගිය බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය.

Tourist boats next to the Leshan Buddha in February

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය පෙබරවාරි මස ගනු ලැබූ මෙම ඡායාරූපයේ දක්නට ඇති පරිදී බුදු පිළිමය ජල මට්ටමට ඉහළින් පිහිටා තිබේ
Tourists burn offerings at the feet of the Giant Buddha in 2016

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බුදු රුව අභියස හිඳ ආශීර්වාද ලබා ගැනීම සඳහා සංචාරකයෝ සහ වන්දනාකරුවෝ බෝට්ටු ඔස්සේ එහි පැමිණෙති
The feet of the Giant Buddha

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රමාණයෙන් මිනිසෙකුට වඩා විශාල බුදු රුවේ පා ඇඟිලි අවසන් වරට ජලයෙන් යට වී ඇත්තේ 1949 වසරේදීය
Waters reach the platform of the statue (12 Aug)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නමුත් පසුගිය සතියේදී බුදු පිළිමයේ පදනම දක්වා ජල මට්ටම ඉහළ ගිය අතර එය තවදුරටත් වර්ධනය විය

බුදු පිළිමයේ පා ඇඟිලි ගං දියෙන් තෙමෙන්නේ නම් මිලියන 16 කට නිවහන වූ චෙන්ග්ඩු ප්‍රදේශයත් ජලයෙන් යටවන බවට එහි ජනයා අතර විශ්වාසයක් පවතින්නේ යයි 'ෂීන්හුවා' රජයේ පුවත් ඒජන්සිය වාර්තා කර තිබිණි.

සති ගණනාවක් පැවති ධාරානිපාත වැසි හමුවේ ජල මට්ටම වාර්තා ගත ලෙස ඉහළ යාමත් සමග සිචුආන් පළාත හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති ඉහළම මට්ටම ක්‍රියාත්මක කර ඇත. වැසි නවතින බවක් ද දක්නට නොමැත.

Rescuers help evacuated villagers get off boats onto land in Sichuan (18 August)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරුදායක ප්‍රදේශවලින් ජනයා ඉවත් කරවා ගැනීම සඳහා බේරා ගැනීමේ කණ්ඩායම් යොදවනු ලැබ තිබේ
Flooding in Chongqing (14 Aug)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චොන්ග්කුයින්ග් නගරය වෙත මෙවර ග්‍රීෂ්ම සෘතුවේ අවස්ථා කිහිපයකදීම ගංවතුරෙන් බලපෑම් එල්ල විය

'යැන්ග්ට්සේ', 'යෙලෝ' (කහ නදිය - හොවන්ග් හෝ නදිය),'හායි', 'සොන්ගුවා' සහ 'ලයාඕ' යන ගංගා අවට පිහිටි පළාත් වෙත නාය යාම් ඇතුළු අනතුරු පිළිබඳ දැනුවත් කර තිබේ.

'යැන්ග්ට්සේ' නදිය ආශ්‍රිතව ක්‍රියාත්මක මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතියක් වන 'ත්‍රී ගෝර්ජස්' වේල්ල ඉහළ කොටසට ජලය විශාල වශයෙන් එක්රැස් වෙමින් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.

ඒ හේතුවෙන් ප්‍රධාන නගරයක් වන චොන්ග්කුයින්ග් ඇතුළු වේල්ලට ඉහළින් ඇති ප්‍රදේශ ජලයෙන් යටවීමට ඉඩ ඇති බවට ජල සම්පත් අමාත්‍යංශය අනතුරු අඟවා තිබේ.

මේ ගැනත් කියවන්න: