ඕස්ට්‍රේලියාවේ නිවසකට ජනේලයෙන් පැන්න කැන්ගරු රැඳවූ තැන වැටෙනුත් පනී

MANFRED ZABINSKAS

ඡායාරූප මූලාශ්‍රය, MANFRED ZABINSKAS

Published

සති අන්තයේදී ඔස්ට්‍රේලියාවේ නිවසක වීදුරු බිඳ ඇතුළුවූ කැන්ගරුවා ප්‍රතිකාර සඳහා යොමුකර තිබූ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයෙන් මිදී පළාගොස් ඇති බව එහි කාර්යමණ්ඩලය පවසයි.

වීදුරු බිඳෙන හඬකින් උදෑසන අවදිවූ ඕස්ට්‍රේලියානු පවුලකට දකින්නට ලැබුණේ තම නිවසේ ජනේලයක් බිඳ ඇතුළට පැමිණි කැන්ගරුවෙකි.

නිවස තුළ "උමතුවෙන් මෙන් එහෙ මෙහෙ දිවගිය" පැසිපොව්වා තම නාන කාමරය තුළ සිරකර ගැනීමට නිවැසියන් සමත් වූ බව වනසත්ත්ව ආරක්ෂක මැන්ෆ්‍රඩ් සබින්ස්කස් (Manfred Zabinskas) පැවසීය.

නිවැසියන්ට අනතුරක් නොමැති නමුත්, කැළඹුණු කැන්ගරුවාගේ අත්-පාවලට සිදුවූ කැපීම් තුවාල හේතුවෙන් අධික ලෙස ලේ වහනය විය.

කැන්ගරුවන්ගේ වාසභූමිවල ජනාවාස ඇතිවීමත් මෙවැනිදේ සිදුවීමට දායකවන බව සත්ත්වාරක්ෂක මැන්ෆ්‍රඩ් පැවසීය.

MANFRED ZABINSKAS

ඡායාරූප මූලාශ්‍රය, MANFRED ZABINSKAS

ඡායාරූප ශීර්ෂ වැකිය, නිවසේ නාන කාමරයේ කොටුවූ කන්ගරුවාට නිදි බෙහෙත්

නිවසට කැඳවීමෙන් පසු, නාන කාමරයේ සිටි කැන්ගරුවා "තරමක් විඩාවට පත්ව සිටි බව" වටහා ගත් සත්ත්වාරක්ෂක මැන්ෆ්‍රඩ් හානියකින් තොරව සත්ත්වයා රැගෙනයාමට නිදි බෙහෙත් දෙන ලදී.

"හැමතැනම ලේ නිසා නිවැසියන් කැන්ගරුවා ගැන බොහෝ සිත් තැවුලෙන් පසුවුණා," ඔහු පැවසීය.

කිලෝ ග්‍රෑම් 30 ක් පමණ "සාමාන්‍ය ප්‍රමාණයේ" කැන්ගරුවෙක් මෙම කලබගෑනිය සිදුකර ඇති අතර, නිවසින් පිටවීමට කළ උත්සාහයකදී තවත් ජනේල වීදුරුවක්ද බිඳදමා තිබිණි.

MANFRED ZABINSKAS

ඡායාරූප මූලාශ්‍රය, MANFRED ZABINSKAS

මෙය සිදුවී ඇත්තේ ඩියර් පාර්ක් (Deer Park) යනුවෙන් හැඳින්වෙන කැන්ගරුවන්ගේ වාසභූමි ලෙස සැළකෙන විවෘත භූමි භාගයකට ආසන්න ප්‍රදේශයකදීය.

නිවසට පැනීමට පෙර සත්ත්වයා සුනඛයෙකුට හෝ මෝටර් රථයකට හෝ බියවන්නට ඇති බව මැන්ෆ්‍රඩ් පවසයි.

"එයා හොඳටම බයවෙලා යන්න පුළුවන් කියලා හිතපු මාර්ගයක දුවලා තියෙනවා, ඒක නිවසක ජනේලයක්" ඔහු බීබීසී සේවයට පැවසුවේය.

"නගරබද ප්‍රදේශ ඔවුන්ගේ වාසභූමි කරා ක්‍රමයෙන් පැතිරීමත් සමග ඔවුන් කරදරවලට පත්වෙනවා."

රැඳවුම් මධ්‍යස්ථානයෙන් පළායාම

MANFRED ZABINSKAS

ඡායාරූප මූලාශ්‍රය, MANFRED ZABINSKAS

ඡායාරූප ශීර්ෂ වැකිය, අඩි හතකට වඩා උඩින් පැනීම "විශ්වාස කරන්න අමාරුයි"

තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයේදී උදෑසන ආහාර ලබාදෙන අවස්ථාවේ සත්ත්වයා මිදී පළායනු තමන්ගේ සහකාරිය දුටු බව සත්ත්වාරක්ෂක මැන්ෆ්‍රඩ් පැවසීය.

"කැන්ගරුවා කලබලයෙන් එහෙ මෙහෙ පනිමින් සිටියා. මුලින් එයා කලබලයෙන් ඇයව පසුකරමින් ගොස් වැටේ හැප්පුණා" මැන්ෆ්‍රඩ් බීබීසී සමග පැවසීය.

"නමුත් ඊට පස්සේ තවත් උත්සාහයක් කළා. එවර සියලුමදේට ඉහළින් පනින්නට එයාට හැකිවුණා. අඩුම තරමින් වැටේ ඉහළ කොටසේ ගෑවෙන්නෙවත් නැතිව."

තවත් කැන්ගරුවන් තිදෙනෙක් වෙසෙන අඩි 7 ක් උස වැටකින් හොඳින් වටකර ඇති රැඳවුම් මධ්‍යස්ථානයෙන් පළායාම සත්ත්වාරක්ෂකයින් අපේක්ෂා නොකළ තත්ත්වයක් විය.

සබැඳි පුවත්: