අලි දඩයමට අලි දඬුවමක්

Theunis Botha with a dead elephant

ඡායාරූප මූලාශ්‍රය, TB Big Game Hounds

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය වෘත්තීය ජීවිතය තුළ මරා දමන ලද විවිධ සතුන්ගේ ඡායාරූප ටියුනිස් බෝතාගේ වෙබ් අඩවියේ පළ කර ඇත
Published

වෘත්තීය දඩයම්කරුවෙකුගේ වෙඩි පහර කෑ වන අලියෙකු විසින් එම දඩයක්කරු පාගා මරා දමා ඇති බව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.

විනෝදාස්වාදය සඳහා දඩයමේ යෙදෙන්නන්ට සේවය ලබා දෙන ටියුනිස් බෝතාගේ මග පෙන්වීම ඇතිව සිම්බාබ්වේ වනයක ගමන් ගත් කණ්ඩායම වෙත වෙඩි කෑ ඇතින්න කඩා වැදී ඇති බව 'The Netwerk24' පුවත් ආයතනය පවසයි.

වෙඩි පහර දරා ගනිමින් දඩයම්කරු වෙත පැමිණි ඇතින්න මැරී වැටීමට පෙර සිය හොඬයෙන් ඔහු උස්සා පාගා මරා දමා ඇති බව වාර්තා වේ.

දඩයම්කරු මරණයට පත් වී ඇත්තේ සිම්බාබ්වේ 'හවානිගි' ජාතික උද්‍යානය ආසන්නයේ තවත් දඩයම්කරුවන් පිරිසකට මග පෙන්වමින් සිටියදීය.

සෙසිල් සිංහයා

Theunis Botha with two large horns

ඡායාරූප මූලාශ්‍රය, TB Big Game Hounds

ඡායාරූප ශීර්ෂ වැකිය, දඩයම්කරුවන් වෙත සිය සේවය ලබා දීම සඳහා අය කරන මිල ගණන් ද වෙබ් අඩවියේ ඇතුළත්

2015 වසරේ එම වනෝද්‍යානය තුළ දී දඩයක්කරුවෙකු විසින් සෙසිල් නමැති සිංහයා මරා දමනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ලොව පුරා ශෝකය පළ විය.

මරණයට පත් ටියුනිස් බෝතා පස් දරු පියෙකි.