ඇත්රජු දඩයමට ඩොලර් දහස් ගණනක ලංසුවක්

ඡායාරූප මූලාශ්‍රය, b
ජර්මන් ජාතික දඩයක්කරුවෙක් සිම්බාබ්වේ දේශයේ දැවැන්තම හස්තිරාජයන්ගෙන් එක් හස්තියකු මරා දැමීමට ඩොලර් දහස් ගණනක් ගෙවා ඇති බවක් වාර්තා වෙයි.
සිම්බාබ්වේ වන සත්ව සංරක්ෂක කාර්ය බලකායේ සභාපති ජොනී රොද්‍රිගෝස් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, වයස අවුරුදු හැටක් වන එම හස්තිරාජයා උදාර ප්‍රතාපවත් උත්තුංග දේහ ලක්ෂණවලින් සමන්විත වන වනජීවියකු වූ බවයි.
ජර්මන් දඩයක්කරු මරා දමන ලද ඇත් රජුගේ දළ යුවළ පොළොව ස්පර්ශ කෙරෙයි.

ඡායාරූප මූලාශ්‍රය, epa
බීබීසියට අදහස් දැක්වූ ජොනී රොද්‍රිගෝස් ඇතාට වෙඩි තබා මරා දමනු ලැබීම සිම්බාබ්වේ වන සත්ව නීතිය අනුව වරදක් නොවන නමුත් එය සදාචාරයට පටහැණි ක්‍රියාවක් වන බවයි පෙන්වා දුන්නේ.
'සිසිල්' සිංහ ඝාතනය
ස්වභාව ධර්මයේ දායාදයක් වූ සිම්බාබ්වේ දේශයේ ඉතාම ප්‍රකට වන ජීවියකුව සිටි ‘සිසිල්’ නම් සිංහයා ඇමෙරිකානු තුවක්කු කරුවකු විසින් පසුගිය දා වෙඩි තබා මරා දමන ලද අතර එරට බලධාරීන් මේ සතිය මුල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එම තුවක්කු කරුට එරෙහිව නඩු පවරන්නේ නැති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඊට හේතුව නීතිය අනුව එම වෙඩි තැබීම වරදක් නොවීම බවත් සිම්බාබ්වේ බලධාරීහු පවසති.






















