ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලි දඩයමට අලි දඬුවමක්
වෘත්තීය දඩයම්කරුවෙකුගේ වෙඩි පහර කෑ වන අලියෙකු විසින් එම දඩයක්කරු පාගා මරා දමා ඇති බව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.
විනෝදාස්වාදය සඳහා දඩයමේ යෙදෙන්නන්ට සේවය ලබා දෙන ටියුනිස් බෝතාගේ මග පෙන්වීම ඇතිව සිම්බාබ්වේ වනයක ගමන් ගත් කණ්ඩායම වෙත වෙඩි කෑ ඇතින්න කඩා වැදී ඇති බව 'The Netwerk24' පුවත් ආයතනය පවසයි.
වෙඩි පහර දරා ගනිමින් දඩයම්කරු වෙත පැමිණි ඇතින්න මැරී වැටීමට පෙර සිය හොඬයෙන් ඔහු උස්සා පාගා මරා දමා ඇති බව වාර්තා වේ.
දඩයම්කරු මරණයට පත් වී ඇත්තේ සිම්බාබ්වේ 'හවානිගි' ජාතික උද්‍යානය ආසන්නයේ තවත් දඩයම්කරුවන් පිරිසකට මග පෙන්වමින් සිටියදීය.
සෙසිල් සිංහයා
2015 වසරේ එම වනෝද්‍යානය තුළ දී දඩයක්කරුවෙකු විසින් සෙසිල් නමැති සිංහයා මරා දමනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ලොව පුරා ශෝකය පළ විය.
මරණයට පත් ටියුනිස් බෝතා පස් දරු පියෙකි.