ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිවානයේ දුම්රිය ප්‍රහාරයෙන් මගීන් රැසකට තුවාල
තායිවානයේ තායිපෙයි අගනුවර මගීන් ගෙන් පිරී තිබුණු දුම්රියක් තුළ හටගත් පිපිරීමකින් අඩුම තරමින් පුද්ගලයන් විසි හතර දෙනෙකු පමණ දැඩි ලෙස තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.
තායිපෙයි අගනුවර සෝන්ග්ශාන් දුම්රිය පොළෙන් මධ්‍යම රාත්‍රිය උදා වීමට මිනිත්තු කිහිපයක් තිබියදී පිටත් වූ දුම්රියක් තුළ හටගත් මෙම හදිසි පිපිරීමෙන් මගීන් රැසකට දරුණු පිළිස්සුම් තුවාල සිදු වී ඇති බවයි තායිවාන බලධාරීන් පවසන්නේ.
විශාල ප්‍රමාණයේ රතිඥ්ඥා කරළක් ලෙස දිස්වුනු ප්ලාස්ටික් ට්යුබයකට පුපුරන ද්‍රව්‍ය අසුරා දුම්රිය තුළ පුපුරුවා හැර ඇති බවට සාක්ෂි හමු වූ බවයි තායිවාන පොලිසිය ප්‍රාදේශීය මාධ්‍යට වාර්තා කර තිබුණේ.
මෙය හදිසි අනතුරක්ද නැතහොත් හිතා මතා සිදු කළ පැහැර දීමක්ද යන්න තවමත් පැහැදිළි නැති බවයි තායිවානයේ අගමැති ලින් චුවැන් කියා සිටියේ.