යාපනය පන්නෙයිහි මිනිස් අස්ථි කොටස් හමුවූ තැන යළි කැණීමක්

යාපනය අස්ථි
Published

යාපනය, පන්නෙයි, මීනාච්චි ආම්මාන් කෝවිල මාර්ගය ආසන්නයෙන් හමුවූ අස්ථි කොටස්වලට අදාළව අඟහරුවාදා (අගෝස්තු 18) දෙවෙනි දිනටත් කැණීම් කෙරිණි.

අදාළ ස්ථානයෙන් පසුගිය 14 වෙනිදා පළමු වරට අස්ථි කොටස් හමුවූයේ එම මාර්ගයේ ජලනල එළීම සඳහා කැණීම් කරන අවස්ථාවේදීය.

එදිනම, යාපනය වැඩබලන මහේස්ත්‍රාත් වී. ටී. ශිවලිංගම් ස්ථානීය පරීක්ෂාවක් කළ බව යාපනය පොලිසිය සඳහන් කළේය.

අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් එදින නිරීක්ෂණය කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අඟහරුවාදා දින අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කරන ලෙසට නියෝග කළ බවද පොලිසිය පවසයි.

ඒ අනුව යාපනය මහේස්ත්‍රාත්වරයා මෙන්ම යාපනය රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා, යාපනය පොලිස් නිලධාරීන්, පුරාවිද්‍යා නිළධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක නිරීක්ෂණය යටතේ අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරිණි.

යාපනය අස්ථි

අස්ථි කොටස් හමුවු ස්ථානයෙන් කාන්තා ඇඳුම්වලට සමාන ඇදුම් කොටස් කිහිපයක්ද හමුවි ඇති බව ආරක්ෂක අංශ පවසයි.

මෑත කාලය තුළ අවස්ථා කිහිපයකදී යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් මිනිස් අස්ථි කොටස් හමුවී තිබේ.

මෙම තොරතුරු ද දැනගන්න: