අයහපත් කාලගුණය: මුලතිව් ගොවීන් බේරා ගැනීමේ මෙහෙයුමට හමුදාව

ඡායාරූප මූලාශ්‍රය, Army
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 12,931 කට අයත් 44,000 කට වැඩි පිරිසකට බලපෑම් එල්ලවී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වලපනේ ප්‍රදේශයේ සිදුවූ නායයාමක් හේතුවෙන් දින කිහිපයකට පෙර තිදෙනෙකු මිය ගිය අතර ඊට අමතරව තවත් පුද්ගලයන් 7 දෙනෙකු විවිධ කාලගුණික ආපදා තත්වයන් හේතුවෙන් තුවාල ලබා තිබෙන බව ද ආපදා කළමාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබේ.
ගතවගිය සති කිහිපය තුළ හටගත් අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නිවාස 20 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 720 ක් අර්ධ වශයෙන් විනාශ වී තිබේ.
මෙම අයහපත් කාලගුණික තත්වය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19කට බලපා තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සිකුරාදා (දෙසැම්බර් 06) දින දහවල් 12ට නිකුත් කළ අනාවැකි නිවේදනය අනුව නැගෙනහිර සහ ඌව පළාත් වල හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවතියි.
උතුරු පළාතේ මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් කර තිබේ. සබරගමුව සහ බස්නාහිර පළාතේත් ඇතැම් ස්ථාන වල ගිගුරුම් සහිත වැසි තත්වයන් ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරයි.


ඡායාරූප මූලාශ්‍රය, Met
අයහපත් කාලගුණික තත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කරගැනීමට කාලගුණික නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත්, ප්‍රදේශයේ පවතින ආපදා තත්වයන් පිළිබදව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටිති.
රට පුරා ස්ථාන ගණනාවක වාන් දොරටු විවෘත කරන බැවින් ඒ සම්බන්ධයෙන් කල්පනාකාරීව සිටින ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලීමක් කරයි.
ආපදාවට ලක්වූවන් වෙනුවෙන් 117 දුරකතන අංකය විවෘතව තිබෙන බව ද මධ්‍යස්ථානය දැනුම් දෙයි.
දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් සතියක් පමණ පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සඳහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර සිකුරාදා උදෑසන ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරෙන් යට වූ විභාග මධ්‍යස්ථානයක සාමාන්‍ය පෙළ විභාගය වෙනත් ස්ථානයක පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මේ අතර මුලතිව් ප්‍රදේශයේ කුඹුරු වගාවන් රැකීමට ගොස් ගංවතුර තත්වය නිසා එහි කොටුවී සිටි ගොවියන් 13 දෙනෙකු සිකුරාදා දහවල් මුලතිව් යුද හමුදා නිළධාරීන් හා නාවික හමුදා නිළධාරීන් විසින් බේරා ගනු ලැබිණ.
බදාදා (දෙසැම්බර් 04) සවස වගාව රැකීම සඳහා පිටත්ව ගිය අදාළ ගොවියන් පිරිස හදිසියේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් නැවත නිවෙස් කරා පැමිණීමට නොහැකිව දින දෙකක් එම ස්ථානයේ රැඳී සිට තිබේ.
කියවන්න:



























