රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග "අත්අඩංගුවට"

උදයංග වීරතුංග

ඡායාරූප මූලාශ්‍රය, Udayanga Weeratunga

Published

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරියෙක් ඒ බව බීබීසි සිංහල සේවය වෙත තහවුරු කළ අතර මේවන විට උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය නීතිමය කටයුතු ගැන සාකච්ඡා කරමින් සිටින බව ඔහු පැවසීය.

පොලිස් මුල්‍ය අපරාධ ඒකකයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර උදයංග වීරතුංග අත්අඩංගුවට පත්වී ඇති බව රජයේ ඩේලි නිව්ස් පුවත්පතට තහවුරු කර තිබේ.

කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඒ සම්බන්ධයෙන් තවමත් කරුණු ප්‍රකාශ කර නොමැත.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයකු ද උදයංග වීරතුංග අත්අඩංගුවට පත්ව ඇති බව තහවුරු කළ අතර ඔහු කියා සිටියේ උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට භාරදීම ගැන ඩුබායි බලධාරීන් තවමත් තීරණයක් ගෙන නොමැති බවය.

ඔහු පවසන පරිදි ඩුබායිහිදී උදයංග වීරතුංග අත්අඩංගුවට පත්ව ඇත්තේ දින කීපයකට පෙරදීය.

ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටින උදයංග වීරතුංග මින් පෙර ද ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබු නමුත් එවර ඩුබායි බලධාරීන් ඔහු මුදාහැර තිබුණේ ශ්‍රී ලංකාව භාරදීමට අවශ්‍ය නිත්‍යානුකූල ලියකියවිලි තමන්ට ලැබී නැති බව පවසමිනි.

ඉන් පසු අවශ්‍ය ලියකියවිලි ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Sri Lankan Air Force MiG-27 aircraft fly in formation during a Victory Day parade in Colombo on May 19, 2012. President Mahinda Rajapakse, in an address to the nation, said he could not dismantle military camps in the embattled regions and undermine national security in a country emerging from nearly four decades of ethnic bloodshed.'The diaspora has not stopped their activities (against Sri Lanka),' Rajapakse said, referring to Tamil separatists abroad. 'It is no secret that LTTE (Liberation Tigers of Tamil Eelam) leaders are freely operating abroad.' AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/GettyImages)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් යානා

රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග විසින් ඔහුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග හඳුන්වනු ලබන්නේ "දේශපාලන පළිගැනීමක්" ලෙසය.

උදයංග වීරතුංග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ ඥාතියෙකි.

හිටපු ජනාධිපතිවරයා විදේශ සංචාරවල නියැලුණු ඇතැම් අවස්ථාවලදී උදයංග වීරතුංග ද ඔහු සමග සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මීට පෙර මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි.

සබැඳි පුවත්: