BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
'පල්ලේගම හේමරතන හිමි අධිකරණයට ඇතුළු වුයේ විශේෂ දොරටුවකින් දැයි සොයන්න වහා ම පරීක්ෂණයක් සිදු කරන්නැයි' මහේස්ත්‍රාත්ගෙන් නියෝග
බාල වයස්කාර දැරියක වරින් වර බරපතල ලෙස දුෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි, අධිකරණ විනිසුරුවරුන් අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළුවන සහ පිටව යන දොරටුවෙන් අධිකරණ භූමියට පැමිණි බව කියන සිද්ධිය පිළිබඳ විමර්ශනය කර ඊට අදාළ විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ධර්මසිරිට නියෝග කළේය.
අහංගම වෙරළ තීරයේ ඇත්තට ම සිදු වුණේ කුමක් ද? ඉදිරියේදී සිදු කිරීමට යන වෙනස්කම් මොනවා ද?
"සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී මිරිස්ස වෙරළ තිරයේ මනුස්සයෙක්ට ඇවිදගෙන යන්න බැහැ. මුහුදු වෙරළේ පුටු වගේම බංකර් බෙඩ් එහෙම තියලා තියෙන නිසා. අපි කියන්නේ නැහැ වෙරළ තීරයේ කිසිම දෙයක් කරන්නෙපා කියලා. නමුත් යම් සීමාවක් තියෙන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ට වෙරළට ඇවිල්ලා පරිසරය ඇවිදිලා ඉන්න ඉඩක් තියෙන්න ඕන. මේ නිසා අපි ඉදිරියේදී වෙරළ තීරයේ යම් සීමාවන් පනවනවා පුටු වගේම බංකර් බෙඩ්ස් තියන්න පුළුවන් ප්‍රමාණවල් ගැන."
ළමුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරා ම වැඩිපුර එළවළු කෑමට උපකාරී වන පුරුදු
කුඩා කාලයේදී ළමයින් ආහාර ලබා ගන්නා ආකාරයේ සිදු කරන සුළු වෙනස්කම් පවා, ඔවුන් කෑමට ගන්නා දෑ කෙරෙහි දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි ය. දරුවන්ට ප්‍රමාණවත් ලෙස එළවළු කෑමට දීම අරගලයක් විය හැක. දෙමාපියන්ගේ සාකච්ඡා මණ්ඩප සහ දුරකථන සංවාද සමූහ තුළ "මගේ දරුවා සැකසූ ආහාර විතරක් කන එක සාමාන්‍ය දෙයක් ද?" වැනි ප්‍රශ්නවලින් පිරී ඇත.
ත්‍රිකුණාමලයේදී පුද්ගලයෙකුගේ මුත්‍රාශයෙන් 3.1kg බර ගලක් ඉවත් කිරීම: නොදැනුවත්ව ම සෑදෙන මුත්‍රා ගල් වළක්වා ගන්නේ කෙසේ ද?
ඉකුත් සතියේ ත්‍රිකුණාමලය මහ රෝහලේදී සිදු කළ ශල්‍ය කර්මයකින් 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මුත්‍රාශයේ තිබී කිලෝග්‍රෑම් 3.1kg බර ගලක් (bladder stone) ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකි විය. එය මෙතෙක් වාර්තා වී ඇති එවැනි විශාලතම මුත්‍රා ගල බවට ඔවුහු විශ්වාස කරති. මුත්‍රා ගල් සෑදෙන්නේ කෙසේ ද? එය වළක්වා ගන්නේ කෙසේ ද?
නන්දා මාලිනී: හඬ පෞරුෂයෙන් 'අරගලයක්' කළ සිංහල ගීතයේ යශෝරාවය
1943 අගෝස්තු 23 වන දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙව්වන්දූව ග්‍රාමයේදී උපත ලැබූ ඇයට නම් තැබුවේ, මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා යනුවෙනි. ඇයගේ පියා වූ වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නෙකු වූ අතර මව වූ එමිලි පෙරේරා ගෘහණියක වූවා ය. දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා ලෙස නන්දා මාලිනී උපත ලැබුවා ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
එල් නිනෝ නිසා ශ්‍රී ලංකා මුහුද වටා වන මත්ස්‍ය ගහන සිතියම වෙනස් වෙයි ද?
ශ්‍රී ලංකාවේ සාගර මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ධීවර ප්‍රජාව පවසති. මෙහි දැඩි ම බලපෑම එල්ල වී ඇත්තේ දින ගණනාවක් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත බහුදින ධීවරයින්ට ය. එල් නිනෝ තත්ත්වය මත්ස්‍ය ගහන සිතියමට බලපා ඇත්තේ කෙසේ ද?
ඔබේ දරුවා සෝෂල් මීඩියාවල 'ස්ටාර්' කෙනෙක් ද? නැත්නම් 'ගොදුරක්' ද?
"අපේ පුතා කියන 'සත්‍ය බොහෝ ම කටුකයි' කියන වීඩියෝ එක වෛරල් යද්දී මම වයිෆ්ට කිව්වා මේක අපි අයින් කරමු කියලා. පස්සේ ඒ වීඩියෝ එක දැකලා පුතාගේ පෙරපාසල් ගුරුවරිය කතා කරලා කිව්වා ඒක අයින් කරන්න එපා කියලා. ඒ වගේ ම දරුවට දැන් මීඩියා ඉගෙන ගන්න අවස්ථාවකුත් ඒ නිසා ම ලැබිලා තියෙනවා," එම දරුවාගේ පියා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
'මත්ද්‍රව්‍ය පරික්ෂාවන් බව පවසමින්' පොලිසියට ඔබගේ ශරීරාංග ප්‍රසිද්ධ ස්ථානවලදී පරීක්ෂා කළ හැකි ද?
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ තියෙනවා පුද්ගලයෙක් කුරිරු අමානුෂික වධ බන්ධනයන්ට ලක්වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා. මේ වධ බන්ධනය ශාරීරික වෙන්නත් පුළුවන්, මානසිකව වෙන්නත් පුළුවන්. ඒ වගන්තියේ ශාරීරික සහ මානසික කියන එක නිශ්චිතව දක්වලා තියෙනවා. කෙනෙක්ට ගහලා කරලා නැති වෙන්න පුළුවන් හැබැයි මානසිකව ඇදවැටෙන විදිහට නම් ඒ දේවල් කරලා තියෙන්නේ එතැනදී ප්‍රශ්නයක් තියෙනවා"
කොළඹ නව ඇමෙරිකානු තානාපති එරික් මේයර් යනු කවුද?
දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන එරික් මේයර්, තානාපතිවරයා ලෙස පත්වීමට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කර ඇත.
'හොඳ පපුවා'ගේ සිට අද දක්වා: මරණ දඬුවම ගැන ශ්‍රී ලංකාව තැබූ දීර්ඝ විරාමය අවසන් වෙයි ද?
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් "රට ම එකට" ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (අගෝස්තු 10) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වන 'අළුගෝසු' හෙවත් 'වධක' තනතුර සඳහා නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට බඳවා ගෙන ඇති බව ය.



















































