AI නියෝජිතයන් පාලනයෙන් මිදුණොත් සිදුවන්නේ කුමක් ද?
AI නියෝජිතයන් පාලනයෙන් මිදුණොත් සිදුවන්නේ කුමක් ද?
Published
සාප්පු සවාරි කිරීමේ සිට නිවාඩුවක් ගත කිරීමට හෝටලයක් වෙන්කරවා ගැනීම සහ වෙබ් අඩවි නිර්මාණය කිරීම දක්වා සංකීර්ණ කාර්යයන් ඉටු කිරීම සඳහා වැඩි වැඩියෙන් AI නියෝජිතයන් (AI agents) භාවිත කිරීම වේගයෙන් ඉහළ යමින් පවතී.
චැට්බොට්වලට (chatbots) සමාන නමුත් විශේෂ අවශ්‍යතා අනුව සකස් කරන ලද මෙම AI නියෝජිතයන්ට ස්වයංක්‍රීයව කාර්යයන් ඉටු කිරීමට ඉඩ දිය හැකි අතර, ඒ මගින් තාක්ෂණික දැනුමක් ඇති පරිශීලකයන්ට වෙනත් කටයුතුවල නිරත වීමට අවස්ථාව ලැබේ.
එහෙත් පර්යේෂණ ගණනාවක් සහ සැබෑ ජීවිතයේ අත්දැකීම් කිහිපයක් පෙන්වා දෙන්නේ, AI නියෝජිතයන්ට වැඩි ස්වාධීනත්වයක් ලබා දෙන විට ඔවුන්ගේ හැසිරීම් අනපේක්ෂිත විය හැකි අතර, එය ඇතැම් විට අවදානම් තත්ත්වයන්ට ද හේතු විය හැකි බවයි.









