ඉතිහාසයේ දිග ම ඡන්ද පත්‍රිකාව මෙවර : 'මේ සැරේ ඡන්ද කොලේ දිග වැඩියි... මම දැකපු දිග ම ඡන්ද කොලේ ඒක'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වසර 42ක ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගින් වැඩි ම නිල ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කෙරුණේ මෙවර ජනාධිපතිවරණය සඳහායි.
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙකු තරග කරන අතර, එයින් එක් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට පෙර මිය ගිය නමුත් ඔහුගේ නම ද ඡන්ද පත්‍රිකාවේ ඇතුළත් ය.
මෙවර ඡන්ද පත්‍රිකාව අඟල් 27.5ක් දිගු වන අතර එය ආසන්න වශයෙන් අඩි දෙකක් සහ තවත් අඟල් 3.5ක් දිග වේ.
මෙවර මුද්‍රණ වියදම් සඳහා රුපියල් මිලියන 800ක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබිණි.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල ප්‍රදේශයේ 33 හැවිරිදි තරුණියක වන බුද්ධිනී මිටියමුල්ලෙ ආරච්චි.
"[ඡන්ද පත්‍රිකාව] දිග වැඩියි... කට්ටියට එච්චර හුරු ගතියක් තිබුණේ නැහැ. මම දැක්ක විදිහට කට්ටිය ලොකු වෙලාවක් ගත කළා ඒක කියවන්න ම. ගේට්ටුවේ [ඡන්ද මධ්‍යස්ථානයේ] ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක බලලා මම යම් අදහසක් අරගෙන ගියේ, මට අවශ්‍ය ඒවා මේ තැන්වල තියෙන්නේ කියලා. ඒ නිසා මට ලොකු වෙලාවක් ගියේ නැහැ."







