අනුර කුමාර දිසානායක : නව ජනපති අලුත් ලේකම්වරුන් පත්කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබේ.ඒ අනුව එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයටත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයටත් පත් කර තිබේ. කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස පත් කර තිබේ.

සාරාංශය

  • අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි.
  • ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ලෙස පත්කෙරේ.
  • එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා නව ආරක්ෂක ලේකම් ධුරයට.
  • හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට.
  • කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ධුරයට.
  • නව ජනපති අනුරගේ කැබිනට් මණ්ඩලය කුමක් වෙයි ද? ඉදිරි පියවර මොනවා ද?

සජීවී වාර්තාකරණය

සංස්කරණය ඉෂාරා ධනසේකර, ප්‍රවෘත්ති සංස්කාරක, බීබීසී සිංහල / සම්පත් දිසානායක , ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු, බීබීසී සිංහල

  1. 2024 ජනාධිපතිවරණය: යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    https://bbc.com.im/sinhala/articles/crl83lw4531o

    යාපනය දිස්ත්‍රික්කය - නල්ලූර් ඡන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ආරියනේත්තිරන් පාක්‍යසෙල්වම් ඡන්ද 10,097ක් ලබාගෙන එම ඡන්ද කොට්ඨාසය ජය ගෙන තිබේ.

  2. 2024 ජනාධිපතිවරණය: නුවරඑළිය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 8,946ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 8,946ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

  3. 2024 ජනාධිපතිවරණය: මාතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 19,712ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

    මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 19,712ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

  4. 2024 ජනාධිපතිවරණය: කොළඹ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 12,186 ක් ලබාගෙන එම දිස්‍ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 12,186 ක් ලබාගෙන එම දිස්‍ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

  5. 2024 ජනාධිපතිවරණය: මාතලේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 12,186 ක් ලබාගෙන එම දිස්‍ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

    මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 12,186 ක් ලබාගෙන එම දිස්‍ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

  6. 2024 ජනාධිපතිවරණය: මොණරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    එම දිස්‍ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

    මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 14,050 ක් ලබාගෙන එම දිස්‍ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

  7. 2024 ජනාධිපතිවරණය: වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 4,899ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

    වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 4,899ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

  8. 2024 ජනාධිපතිවරණය: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    2024 ජනාධිපතිවරණය: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 5,480 ක් ලබාගෙන එම දිස්ත්‍රික්කය ජය ගෙන තිබේ.

  9. 2024 ජනාධිපතිවරණය: ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 25,892 ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 25,892 ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

  10. 2024 ජනාධිපතිවරණය: හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය  අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 14,482 ක් ලබාගෙන තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 14,482 ක් ලබාගෙන තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

  11. 2024 ජනාධිපතිවරණය: පොළොන්නරුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය  අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 11,768 ක් ලබාගෙන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 11,768 ක් ලබාගෙන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

  12. 2024 ජනාධිපතිවරණය: රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

    2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 19,185ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

  13. රටපුරා ඇඳිරි නීතිය පනවයි

    අද (සැප්තැම්බර් 21) රාත්‍රී 10 සිට හෙට (සැප්තැම්බර් 22) උදෑසන 6 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

    පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇති බව ය.

    මේවන විට රට තුළ සාමකාමී තත්ත්වයක් තිබුණද මහජනතාවගේ වැඩිදුර ආරක්ෂාව සඳහා ඇඳිරි නීතිය පනවා ඇති අතර ඇඳිරි නීති කාලසීමාව තුළ තම නිවසට වී කාලය ගත කරන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

  14. ජනාධිපතිවරණය දවසේ 'රාජපක්ෂවරුන්' සිටියේ කොහේද?

    මෙවර ජනාධිපති සටනට රාජපක්ෂ පවුලේ සමාජිකයෙකු තරග කරන පසුබිමක් තුළ ඡන්දය විමසීම ආසන්නයේදී රාජපක්ෂ පවුලේ ඇතැම් ප්‍රබලයින් රටින් පිටවූ බවට වාර්තා වීමත් සමග ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී සිටියේ ඔවුන් සිටියේ කොහේද? යන්න බොහෝ දෙනාගෙ කුහුලට හේතු විය.

    මෙවර ජනාධිපති සටනට රාජපක්ෂ පවුලේ සමාජිකයෙකු තරග කරන පසුබිමක් තුළ ඡන්දය විමසීම ආසන්නයේදී රාජපක්ෂ පවුලේ ඇතැම් ප්‍රබලයින් රටින් පිටවූ බවට වාර්තා වීමත් සමග ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී ඔවුන් සිටියේ කොහේද? යන්න බොහෝ දෙනාගෙ කුහුලට හේතු විය.

    ගෝඨාභය රාජපක්ෂ රටින් පලාගිය හිටපු ජනපති 2019 වසරේ ජනාධිපතිවරණයේදී මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව වූ 69 ලක්ෂයක ඡන්ද ලබාගනිමින් ජනාධිපති ධුරයට පත් වී, දෙවසරක් ඇතුළත 2022 වසරේදී ඇතිවූ මහජන අරගලය හමුවේ ජනතාව විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ රටින් පලාගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

    නැවත දිවයිනට පැමිණ පසුගිය කාලය පුරා නිහඬ සහ රහසිගත ජිවිතයක් ගත කළ හෙතෙම ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද ලබා ගනිමින් ජීවත්විය.

    බීබීසී සිංහල සේවය සිදුකළ කරුණු සොයා බැලීමේදී විශ්වසනීය ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වුයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර ඔහු දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවයි.

    එවන් පසුබිමක ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කෙරුණු අද (21) දිනයේදී රාජපක්ෂ පවුලේ අනෙක් සමාජිකයින් සිටියේ කොහේද යන්න ජනතාවගේ කුහුලට හේතු විය.

    රටින් පිටව ගිය පොහොට්ටුවේ 'මහමොළකරු'

    ගෝඨාභය රාජපක්ෂ රජයේ හිටපු මුදල් අමාත්‍යවරයාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද ඊයේ (සැප් 20) වැනිදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

    බීබීසී සිංහල ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ බැසිල් රාජපක්ෂ ඩුබායි බලා පිටව ගිය බවයි.

    ඔහු එහි සිට ඇමෙරිකාව බලා යෑමට නියමිත බව සඳහන් වේ.

    ඡන්දය දැමු 'පිය - පුතුන්'

    මෙවර ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග වදින නාමල් රාජපක්ෂගේ පියා වන හිටපු ජනාධිපති හා අගමැතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මැදමුලන විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළහ.

  15. මුහුදෙන් රැගෙන ගොස් ගුවනින් රැගෙන ආ ඡන්ද පෙට්ටිය

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඩෙල්ෆ් දූපතේ ජනතාව නව ජනපතිගෙන් ඉල්ලන්නේ මොනවා ද?

    වාර්තාකරණය: සංජය මදුෂාන්

    සංස්කරණය සහ නිෂ්පාදනය : ෂර්ලි උපුල් කුමාර

  16. තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ

    දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1703ක් ක්‍රියාත්මක ය.

    තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 429ක් ඇති අතර සෙසු ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1274කි.

    මේවන විට තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

    712,328 වූ ලියාපදිංචි තැපැල් ඡන්ද සංඛ්‍යාවෙන්, සලකුණු නොකළ ප්‍රමාණය ඡන්ද 6,200 පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

  17. ජනාධිපති අපේක්ෂකයෙකු ඡන්ද මධ්‍යස්ථානය ට පැමිණ ඡන්දය ප්‍රකාශ කළේ නැත්තේ ඇයි?

    ස්වාධීන ජනාධිපති අපේක්ෂක මයිල්වාගනම් තිලකරාජ් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

    වීඩියෝ ශීර්ෂ වැකිය, ජනාධිපති අපේක්ෂකයෙකු ඡන්දය මධ්‍යස්ථානය ට පැමිණ ඡන්දය ප්‍රකාශ කළේ නැත්තේ ඇයි?
  18. ප්‍රධාන අපේක්ෂකයින් ඡන්දය ප්‍රකාශ කළේ කොහොම ද?

    ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ විශ්ව විද්‍යාලයේදී ද, සමගි ජනබලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස රාජගිරිය කොටුවෙගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේදී ද , ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මරදාන අබේසිංහාරාමයේදී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මැදමුලන ප්‍රදේශයේදී සිය ඡන්දය භාවිත කළහ.

  19. ඡන්ද ගණන් කරන අතරතුර ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද?

    ඡන්ද ගණන් කරන අතරතුර ඔබ කටයුතු කළ යුත්තේ කෙසේදැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැහැදිලි කළේය.

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඡන්ද ගණන් කරන අතරතුර ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද?
  20. ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවැත් වූ ඡන්ද වීමසීම අද උදෑසන 7ට ආරම්භ වී අද පස්වරු 4ට අවසන් විය.

    අපේක්ෂකයින් 38දෙනෙකු මෙවර ජනාධිපතිවරණ තරග බීමට එක් වූ අතර මෙවර සඳහා නව ඡන්දදායකයන් ලක්ෂ 9කට ආසන්න පිරිසක් ඇතුළුව සමස්ත ඡන්දදායකයන් මිලියන 17ක් සුදුසුකම් ලබා තිබුණි.

    තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද සවස 5ට ගණන් කිරීමේ මධ්‍යස්ථාන 429 කදී ආරම්භ වීමට නියමිතය.