2024 ජනාධිපතිවරණය: මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 18,232 ක් ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබේ.ඒ අනුව එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයටත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයටත් පත් කර තිබේ. කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස පත් කර තිබේ.
සංස්කරණය ඉෂාරා ධනසේකර, ප්‍රවෘත්ති සංස්කාරක, බීබීසී සිංහල / සම්පත් දිසානායක , ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු, බීබීසී සිංහල

මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 18,232 ක් ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 34,321ක් ලබාගෙන එම මැතිවරණ බල ප්‍රදේශය ජය ගෙන තිබේ.
සැප්තැම්බර් 21 වැනිදා රාත්‍රි 10 සිට බල පැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය අද (සැප්තැම්බර් 22 වැනිදා) දහවල් 12 දක්වා දීර්ඝ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල වෙත පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 32,295ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 23,629ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 42,182ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 17,983ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 8,614ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 33,226ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 20,096ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහ ඡන්ද 9,277ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව පාක්‍යසෝති අරියනේත්ත්‍රන් ඡන්ද 7,494ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 47,126ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.
"දීර්ඝ හා දුෂ්කර මැතිවරණ ව්‍යාපාරයකින් පසු මැතිවරණ ප්‍රතිඵලය දැන් පැහැදිලිය. මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දැඩි ලෙස ප්‍රචාරක කටයුතු කළත් ශ්‍රී ලංකාවාසී ජනතාව ඔවුන්ගේ තීරණය ගෙන ඇති අතර අනුර කුමාර දිසානායකට ඔවුන් ලබාදුන් ජන වරමට මම සම්පූර්ණයෙන් ම ගරු කරමි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ කැමැත්තට ගරු කිරීම ඉතා වැදගත් වන අතර මම එය නොපැකිළව කරමි. දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට මාගේ අවංක සුබ පැතුම් පිරිනමමි."
- අමාත්‍ය අලි සබ්රි -

ඡායාරූප මූලාශ්‍රය, M U M Ali Sabry

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 33,026ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ මාතර මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 43,827ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 11,120ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 20,062ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 32,750ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහ ඡන්ද 5,967ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජය ගෙන තිබේ.