පොලිසිය හා ගැටුණු ගම්වැසියන් තුන්දහසකට නඩු

ඡායාරූප මූලාශ්‍රය,
Published
බංග්ලාදේශ පොලිසිය හා ගැටුම් ඇති කර ගත් ගම්වැසියන් තුන්දහසකට එරෙහිව නඩු පවරා තිබෙන අතර තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
චීන ආධාර යටතේ අදාළ ප්‍රදේශය තුළ ගල් අඟුරු බලාගාරයක් ඉදි කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින අතර ඒ සඳහා ගම්වාසීහු විරෝධතාවය පළ කර සිටිති.
ගිනිකොන දිග බංග්ලාදේශයේ චිතගොං වරාය නගරය අසල සඳුදා සිදු වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මරුමුවට පත් විය.
බලාගාරය ව්‍යාපෘතිය හේතුවෙන් සිය ඉඩකඩම් අහිමි වනු ඇති බවට ගම්වැසියන් බිය පළ කරති.
බංග්ලාදේශයට සමස්ත විදුලි අවශ්‍යතා සැපිරීම සඳහා නව බලාගාර අවශ්‍යව පවතින නමුත් නව බලාගාර ඉදිකිරීම සඳහා වන සැලසුම්වලට පරිසරවේදීන්ගේ දැඩි විරෝධය එයට එල්ල වී තිබේ.
























