යුරෝපය තරම් දුරට මිසයිල විදියහැකි ඉන්දියානු ක්‍රමයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
ප්‍රථම වතාවට ජංගම විදිනයක් උපයෝගී කර ගෙන දිග දුර න්‍යෂ්ටික මිසයිලයක් සාර්ථකව විද හැරීමට සමත් වූ බව ඉන්දියානු බලධාරීහු පවසති.
මේ අත්දැකීම කිලෝමීටර පන් දහසක් දක්වා දුරකට ස්ථානගත කළ හැකි ඉන්දියාවේ “අග්නි ෆයිව්” (Agni Five) මිසයිලය භාවිතයේ දී උපයෝගී කර ගැනීමේ හැකියාව ඇති බවයි පැවසෙන්නේ.
එමගින් යුරෝපයේ සියලු රටවල් සහ චීනය ඇතුළු ඊසාන දිග ආසියාවේ ඉලක්ක වෙත මිසයිල පතිත කිරීමේ හැකියාව ලබා දෙන බවයි සඳහන් වන්නේ.
ජංගම විදිනයක් මගින් අති දුර මිසයිලයක් විදීමේ හැකියාව ලැබීම මගින් මිසයිලය යනු සම්පතක් බවට පත්කර ඇති බවයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි පවසා ඇත්තේ.
පසුගිය වසරේ බලයට පැමිණි මෝඩි ගේ රජය ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නේ ඉන්දියාවේ හමුදා ක්‍රමවේදය යළි සලකා බලා තත්වය ඉහළ නංවන බව පවසමින්.
























