ඉන්දියාව 'අග්නි 5' අත්හදා බලයි

Published
ඉන්දියාව න්‍යෂ්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය බලධාරීහු පවසති.
‘අග්නි 5’ ලෙසින් නම් කර ඇති මෙම මිසයිලය අත්හදා බැලුවේ දෙවැනි වතාවටයි.
ඔරිස්සා ප්‍රාන්තයට නුදුරින් පිහිටි දුපතක සිට ගුවනට විදිනු ලැබූ ‘අග්නි 5’ මිසයිලය චීනයේ බෙයිජින් නුවරට සහ යුරෝපයට පවා ළඟා විය හැකි තරම් බලසම්පන්න බවයි පැවසෙන්නේ.
අග්නි නමින් මිසයිල මාලාවක් නිෂ්පාදනය කළ ඉන්දියාව එහි ප්‍රථම මිසයිලය එළි දැක්වූයේ වසර 1960 දීයි.
‘අග්නි 5’ එම මිසයිල මාලාවේ බලසම්පන්නම නිර්මාණයයි.
කලාපය තුළ චීනයේ හමුදා බලය ඉස්මතු වෙමින් තිබිය දී ඉන්දියාවේ ශක්තිය පෙන්වීම සඳහා මෙම මිසයිල අත්හදා බැලීම සිදු කරන්නට ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.
























