ඉන්දු-පකිස්ථාන දේශ සීමාවේ නැවතත් ගැටුම්

ගම්වැසියන් නිවෙස් අතහැර පලාගොස් ඇති බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්වැසියන් නිවෙස් අතහැර පලාගොස් ඇති බවයි පැවසෙන්නේ
Published

ඉන්දු-පකිස්තාන පොදු දේශ සීමාව අසළ දෙරටෙහිම හමුදාවන් විසින් සිදු කරනු ලබන බෝම්බ හෙළීම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් හතර දෙනෙකු මරු මුවට පත් වී ඇත.

මියගිය සතර දෙනා අතරින් තුන් දෙනෙකු පකිස්තාන ජාතිකයන් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියානු ජාතිකයෙකු බවයි පැවසෙන්නේ.

ඉන්දියාවේ පාලනය යටතේ පවතින කාශ්මීරයේ ජම්මු අග නගරය අසල ගම්වැසියන් සිය ගණනක් නිවෙස් වලින් පලාගොස් පාසැල් සහ අනෙකුත් ගොඩනැගිලි වල ලැගුම් ගෙන සිටිති.

සඳුදා හට ගත් ගැටුම් වලින් පසු මේ වන විට පුද්ගලයන් දාහතර දෙනෙකු මියගොස් තිබේ.

මෙවර ඇතිවූ ගැටුම් පිළිබඳ ව රටවල් දෙකම එකිනෙකා වෙත දොස් පවරන අතර කිසිදු පාර්ශවයක් පසු බැසීමට සුදානම් නැති බවයි පෙනී යන්නේ.