කාශ්මීරයේ නොනවත්වා වෙඩි තැබීම්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
මතභේදයට ලක් වී ඇති කාශ්මීර කලාපයේ ඉන්දීය සහ පාකිස්තාන හමුදා නොනවත්වා වෙඩි හුවමාරු කර ගනිති.
වෙඩි වැදීමෙන් පාකිස්තානුවෙකු මරුමුවට පත් වී ඇති බව පාකිස්තාන ආරක්ෂක බලධාරියෙක් පැවසුවේය.
දේශ සීමා ආසන්නයේ සිදු වූ වෙඩි හුවමාරුවට මැදිව ඉන්දීය සහ පාකිස්තාන කාශ්මීරයේ වැසියන් නව දෙනෙකු මිය ගිය බව සඳුදා වාර්තා විය.
තම හමුදා මුරපොළවල් හතළිහකට වෙඩි ප්‍රහාර එල්ල වූ බව පවසන ඉන්දීය හමුදා ඊට ප්‍රතිප්‍රහාරයක් දියත් කළ බවයි පවසන්නේ.
රසකැවිලි
නමුත් සඳුදාට වඩා වෙඩි හුවමාරුවේ අඩුවක් දක්නට ඇති බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් පාකිස්තාන සහ ඉන්දීය දේශ සීමා මුර භටයෝ මුස්ලිම් ඊඩ් උත්සවය සමරන අවස්ථාවේ රසකැවිලි හුවමාරු කර ගනිති.
නමුත් මෙවර හදිසියේ හට ගත් ගැටුම් හේතුවෙන් දෙරටේ හමුදා එසේ කිරීමෙන් වැළකී සිටියහ.
























