කාශ්මීරයේ හමුදා වෙඩි තැබීමෙන් හයක් මරුට

Published

ඉන්දීය පාලිත කාශ්මීරයේ යුද හමුදා කඳවුරක් ඉදිරිපිට උද්ඝෝෂණයකට රජයේ ආරක්ෂක සේනා වෙඩි තැබීමෙන් හය දෙනකු මියගොස් තිබේ.

තුවාල ලද සංඛ්‍යාව අඩුම වශයෙන් විසි පහක්.

වාර්තාවල දැක්වෙන්නේ ඉන්දීය දේශසීමාරක්ෂක බලකා සෙබළුන් පිරිසක් පාවහන් පැළඳ මුස්ලිම් දේවස්ථානයකට ගොඩ වැදීම ගම්වාසීන්ගේ විරෝධයට හේතු වුනු බවයි.

ආගම හදාරන සිසුන් හට පහර දුන් වගටත්, කුරානය කෙලෙසූ බවටත් ගම්මුන් සොල්දාදුවන්ට චෝදනා කර තිබේ.