සුජිත් විල්සන් : ඉන්දියාවේ ළිඳක සිර වූ බිළිඳා අවසන් ගමන් යයි

பொதுமக்கள் அஞ்சலி

ඡායාරූප මූලාශ්‍රය, BBC TAMIL

ඡායාරූප ශීර්ෂ වැකිය, දින හතරකට පසු අවසන් ගමන් ගිය සුජිත්
Published
කියවීමේ කාලය: මිනිත්තු 3

පසුගිය සිකුරාදා දකුණු ඉන්දියාවේ පටු ළිඳකට වැටුණු දෙහැවිරිදි පිරිමි දරුවා මරණයට පත්ව තිබේ.

දින හතරක් පුරා පැවති පැය 82 ක බේරා ගැනීමේ මෙහෙයුමෙන් පසු අඟහරුවාදා (සැප් 29) උදෑසන අදහස් දැක්වූ තමිල්නාඩු බලධාරීන් කියා සිටියේ නරක් වූ තත්ත්වයේ පැවති සුජිත් විල්සන්ගේ මෘත දේහය ළිඳෙන් ගොඩ ගත් බවය.

අත්හැර දමන ලද ළිඳට සුජිත් වැටී තිබුණේ සිය යහලුවන් සමග සෙල්ලම් කරමින් සිටියදීය.

මීටර 180 ක් ගැඹුරු පටු ළිඳට වැටුණු සුජිත් පළමුව මීටර 10 ක් පමණ (අඩි 30) ගැඹුරේ සිර විය. පසුව ඔහු තවත් පහළට ලිස්සා ගොස් තිබේ.

මෘත දේහය ගොඩ ගැනීම සඳහා "විශේෂ උපකරණයක්" යොදා ගත් බව බලධාරීහු පැවසූහ. වෛද්‍ය කණ්ඩායමක් විසින් "දරුවාගේ මරණය තහවුරු කර විශේෂ වාර්තාවක් ලබා දීම සඳහා" මිනිත්තු 45 ක කාලයක් ගනු ලැබීය.

දකුණු ඉන්දියාවේ පටු ළිඳකට වැටුණු දෙහැවිරිදි පිරිමි දරුවා
ඡායාරූප ශීර්ෂ වැකිය, මීටර 180 ක් ගැඹුරු පටු ළිඳ

"ඔහුගේ ශරීරය දැඩි ලෙස නරක් වනු ඇති බව අප හඳුන ගත්තා" තමිල්නාඩු ප්‍රාන්තයේ බලධාරියෙක් වාර්තාකරුවන් වෙත පැවසීය.

මරණ පරීක්ෂණය සඳහා රජයේ රෝහලක් වෙත ගෙන යනු ලැබූ දරුවාගේ මෘත ශරීරය පසුව දෙමව්පියන් වෙත භාර දෙනු ලැබීය. දෙමව්පියන් විසින් ඔහු භූමිදානය කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

දරුවා වැටී තිබුණේ යන්ත්‍ර මගින් පොළොව සිදුරු කර ජලය ඉහළට ඇද ගැනීම සඳහා සකස් කළ පටු ළිඳකටය. ඔහු බේරා ගනුවස් එම ළිඳට සමාන්තරව තවත් සිදුරක් විදීමට බර යන්ත්‍ර යොදා ගැනිණි.

බේරා ගැනීමේ මෙහෙයුම සඳහා ජර්මනියේ නිෂ්පාදිත විදුම් යන්ත්‍ර (Drilling machines), ඔක්සිජන් සැපයුම් යන්ත්‍ර යොදා ගත් අතර ඒ සඳහා ගිනි නිවන හමුදා භටයන් සහ සහන සේවකයන් ද සම්බන්ධ විය. පාෂාණ සහිත පොළොවක් වීම සහ වර්ෂාව හමුවේ බේරා ගැනීමේ මෙහෙයුම මන්දගාමීව ඉදිරියට ඇදිනි.

Workers digging a second well

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවා බේරා ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් දියත් කර තිබිණි

ඉන්දියාවේ දීපාවලි උත්සවය සමරන දීර්ඝ සති අන්තය පුරා ඉහත කී අනතුර සමාජ ජාල ඔස්සේ පුළුල් ලෙස අවධානයට ලක් විය.

ශ්‍රී ලාංකිකයන් ද දරුවාගේ ආරක්ෂාව පතා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ තර ඔහුගේ මරණය සැල වීමෙන් අනතුරුව ඒ පිළිබඳ ශෝකය පළ කර තිබිණි.

දරුවා ආරක්ෂිතව ගොඩ ගැනීමට හැකි වන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්තය පුරා පිහිටි කෝවිල්, මුස්ලිම් පල්ලි සහ කිතුණු දේවස්ථාන තුළ යාඥා පැවැත්විණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද දරුවා සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

සුජිත් මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ඒ පිළිබඳ සිය සංවේගය පළ කළේය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ඉහත කී අනතුරත් සමග අත්හැර දමන ලද පටු ළිං සම්බන්ධයෙන් පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳ අවධානය යොමු විය. එම ළිං අනතුරුදායක ලෙස විවෘතව නොතැබීමට බලධාරීන් වගබලා ගත යුතු බව වැඩි දෙනෙක් කියා සිටියහ. එමෙන්ම මෙවැනි බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා වඩාත් කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකි වැඩපිළිවලක අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

Skip X post, 3

End of X post, 3

මේ වසරේ ජුනි මාසයේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි මේ හා සමාන ළිඳකට වැටී සිර වූ බිළිඳෙකු දින දෙකකට පසු බේරා ගැනීමට හැකි වූ නමුත් පසුව දරුවා මිය ගියේය.

ඉහත කී ආකාරයේ අත්හැර දමන ලද පටු ළිං අනාරක්ෂිත ලෙස විවෘතව තබන පුද්ගලයන්ට එරෙහිව දඩ නියම කරන ලෙස යළිත් වරක් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී.