ළිඳක වැටුණු දරුවකු ගොඩගැනීමට මෙහෙයුමක්

දින දෙකක් මුළුල්ලේ ළිඳ වටා ඉතා සීරුවෙන් කැනීම් කරන ගලවාගැනීමේ කණ්ඩායම් එම මෙහෙයුම සඳහා බැකෝ යන්ත්‍ර හැටක් ද යොදාගෙන ඇත.

ඡායාරූප මූලාශ්‍රය, The Paper

ඡායාරූප ශීර්ෂ වැකිය, දින දෙකක් මුළුල්ලේ ළිඳ වටා ඉතා සීරුවෙන් කැනීම් කරන ගලවාගැනීමේ කණ්ඩායම් එම මෙහෙයුම සඳහා බැකෝ යන්ත්‍ර හැටක් ද යොදාගෙන ඇත.
Published

ළිඳක් තුළට වැටුණු දරුවකු බේරාගැනීම සඳහා ක්‍රියාත්මකවන මෙහෙයුමක් පිලිබඳව චීනයෙන් වාර්තා වේ.

පසුගිය ඉරිදා (නොවැ 06) සිඳී ගිය ළිඳකට වැටුණු පස් හැවිරිදි දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කිසිදු තොරතුරක් දැනගත නොහැකිවී ඇති බව චීන බලධාරීහු පවසති.

මීටර හතළිහක් ගැඹුරු ළිඳ වැඩුණු පුද්ගලයෙකුට බැසිය නොහැකි තරම් ඉතා පටු විවරයක් සහිත වූවකි.

දින දෙකක් මුළුල්ලේ ළිඳ වටා ඉතා සීරුවෙන් කැනීම් කරන ගලවාගැනීමේ කණ්ඩායම් එම මෙහෙයුම සඳහා බැකෝ යන්ත්‍ර හැටක් ද යොදාගෙන ඇත.

කෙසේ වෙතත් ඔවුන්ට මේ දක්වා කැනීම් කළ හැකිව ඇත්තේ මීටර දහතුනක් දක්වා පමණි.

ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ කැනීම් දිගින් දිගටම සිදු කිරීමෙන් ළිඳ තුළට පස් කඩා වැටීමේ අවදානමක් පවතින බවය.