දේශපාලකයන්ට පාඩමක්; “ඡන්ද දිනන්න මෝදිගෙන් ඉගෙන ගන්න”

ඡායාරූප මූලාශ්‍රය, Bjp india
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙවැනි වරට ලද මැතිවරණ විජයග්‍රහණය තවමත් ලොවපුරා බෙහෙවින් සාකච්ඡාවට භාජනය වෙමින් පවතින ප්‍රධාන මාතෘකාවකි.
පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශිත ඉන්දීය මහමැතිවරණ ප්‍රතිපල අනුව අගමැති නරේන්ද්‍ර මොදිගේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකත්වයෙන් යුක්ත ජනතා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDJ) ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ ආසන 350 ක් ජය ගැනීමට සමත් විය.
එය අගමැති මෝදි හෝ දේශපාලන අනාවැකි පළ කරන්නන් පවා බලාපොරොත්තු නොවූ මට්ටමේ මැතිවරණ ජයග්‍රහණයක් විය.
සමස්ත ඉන්දියාව පුරා දේශපාලන කුණාටුවක් මෙන් පැතිර ගිය එම මහමැතිවරණ ප්‍රතිපලය පිටුපස පැවති දේශපාලන බුද්ධිය සහ සංවිධාන ව්‍යුහය කුමක්ද?
එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ මැතිවරණ ක්‍රීඩාවේ නිරතවෙමින් සිටින දේශපාලනඥයන්ට උපුටා ගත හැකි පාඩමක් තිබේද?
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙවැනි වරට ලද සාර්ථක මැතිවරණ ජයග්‍රහණය කෙරෙහි බලපෑ කරුණු පහක් කෙරෙහි විචාරක අවධානය යොමුවෙමින් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
1, නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය සහ පෞරුෂය;
මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුල සිය නායකත්වය සහ පෞද්ගලික පෞරුෂය මහජනතාව අතර ශක්තිමත්ව ස්ථානගත කර ගැනීමට අගමැති මෝඩි සමත් විය.
අගමැති මෝදි ඉන්දීය දේශපාලනය තුළ සිය ශක්තිය ගොඩනගා ගත් ආකාරය දැක්වෙන දේශපාලන පසුබිම සඳහා කියවන්න;
2,ජාතිකවාදය;
මහමැතිවරණය ආරම්භ කරනු ලැබීමට පෙර පසුගිය ...මාසයේ කාශ්මීරයේ එල්ල කෙරුණ ප්‍රහාරයක් මගින් ඉන්දීය සොල්දාදුවන් ---ක් මර දමනු ලැබීම ඉන්දීය ජනතාව අතර මහත් කම්පනයක් ඇති කිරීමට හේතු වූ අතර එසේම එතුළින් මතුවූ 'ඉන්දියානු ජාතිකත්වය' පිළිබඳ හැඟීම පසුගිය මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයට වාසි සහගතව හැඩ ගැසුණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
එම ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්තාන් භූමියට ඉන්දියානු ජෙට් යානා යැවීමට ගත් තීන්දුව 'ප්‍රතිචාරය පළ කිරීමක්' ලෙස අගමැති මෝදි විසින් විග්‍රහ කරනු ලබයි.
කාශ්මීරයේ එල්ල කෙරුණ ප්‍රහාරය පිළිබඳ තොරතුරු ;
කාශ්මීරයේ එල්ල කෙරුණ ප්‍රහාරය හෙළා දකිමින් අගමැති මෝදි පළකළ අදහස්වලට බොහෝ ඉන්දියානුවන්ගේ අනුමැතිය සහ සහයෝගය පළ විය.
3,අති සාර්ථක දේශපාලන සන්ධානයක් නිර්මාණය කර ගැනීම;
අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය මෙවර මැතිවරණ සටනට පිවිස සිටියේ දේශපාලන සංධානයක් වශයෙනි.
අකාලිදාල්, සමස්ත ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම්,ශිවසේනා,සමස්ත,බිජු ජනතාදාල් සහ ලෝක ජන ශක්ති ඇතුළු ප්‍රාදේශීය මට්ටමින් බලයක් සහිත තවත් දේශපාලන පක්ෂ කීපයක් අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන සංධානය නියෝජනය කරයි.
එවැනි දේශපාලන සංධානයක් ගොඩනගා ගැනීමේ දී අගමැති නරේන්ද්‍ර මෝදි අති සාර්ථක වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
4.නැගෙනහිර ඉන්දීය ප්‍රාන්ත කෙරෙහි අවධානය;
පසුගිය මැතිවරණයේ දී පාලක භාරතීය ජනතා පක්ෂය නායකත්වය දුන් දේශපාලන සංධානය නැගෙනහිර ඉන්දීය ප්‍රාන්තවල සිය ශක්තිය තහවුරු කර ගැනීම් වෙනුවෙන් දැඩි අවධානයක් යොමුකළ අතර එමගින් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව මැතිවරණ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙයි.
බටහිර බෙංගාලය,ඔරිස්සා,ජාර්කාන්ද්,බිහාර්, ඇතුළු ප්‍රාන්ත රැසක් නැගෙනහිර ඉන්දියාවේ භූ දේශපාලන සිතියමට ඇතුළත් වෙයි.
එම ප්‍රාන්ත කෙරෙහි අගමැති මෝදි ප්‍රමුඛ සන්ධානය වසින් තබන ලද වැඩිබර සාර්ථක ප්‍රතිඵල ලබා ඇතිබව මැතිවරණ ප්‍රතිඵල මගින් සනාථ කෙරෙයි.
5;ජන මාධ්‍ය දිනා ගැනීම;
පසුගිය මහමැතිවරණ සමයෙහි අගමැති මෝදි සහ ඔහු නායකත්වය දුන් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ දේශපාලන සංධානය සමාජ මාධ්‍ය සහ වෙනත් ක්ෂේත්‍රයන්හි මුල්තැනට පැමිණ ඇති බවක් පෙන්නුම් කෙරෙයි.
අගමැති මෝදි ජනමාධ්‍ය ලෝකයේ ලද ස්ථානය පිළිබිඹු කෙරෙන ආකාරය;

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉහත කී කරුණු පහ අගමැති නරේන්ද්‍ර මෝදි ලද ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයට හේතු වූ බව පැවසෙයි.




























