ඉන්දීය මහ මැතිවරණය: මැතිවරණයට පෙර සහ පසු ඉන්දියාවේ හැසිරීම

නරේන්ද්‍ර මෝදි විශිෂ්ට ජයක් අබියස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල - නවදිල්ලි
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

2019 ඉන්දීය මහ මැතිවරණයට අදාළව මෙතෙක් සිදු කර ඇති ඡන්ද ගණනය කිරීම් අනුව නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ප්‍රබල ජයග්‍රහණයක් අත් කරගෙන තිබේ.

මේ වන විට සිදු වන ගණනය කිරීම් අනුව ලෝක් සභාවේ ආසන 543න් 300කට වැඩි සංඛ්‍යාවක බලය භාරතීය ජනතා පක්ෂයට හිමි වනු ඇතැයි විශ්වාස කෙරේ.

ඒ අනුව, ඉන්දියාවේ පාලන බලය තවත් වසර 5ක කාලයක් සඳහා නරේන්ද්‍ර මෝදිට හිමි වනු ඇත.

India Election 2019
අවසන් ප්‍රතිඵලය
අවසන් යාවත්කාලීනවීම:
13:11 ඉන්දීය සම්මත වේලාව
350
bjp+
85
inc+
107
Others
මූලාශ්‍රය: ඉන්දීය මැතිවරණ කොමිසම
අවසන් යාවත්කාලීනවීම: 13:11 ඉන්දීය සම්මත වේලාව
මූලාශ්‍රය: ඉන්දීය මැතිවරණ කොමිසම

මීළඟ වසර 5 සඳහා ඉන්දියාව පාලනය කරන අග්‍රාමාත්‍යවරයා සහ පාලක පක්ෂය කවුරුන් ද යන්න තීරණය කෙරෙන මෙම මහ මැතිවරණය 17 වන ලෝක් සභා මැතිවරණය ලෙස සැලකේ.

මැරතන් ක්‍රමයට පැවැත්වෙන මහ මැතිවරණයක් ලෙස සැලකෙන මෙහි ඡන්ද විමසීම අප්‍රේල් 11 වන දා සිට මැයි මස 19 වන දා තෙක් පැවැත්විණි.

මෙවර මහ මැතිවරණය සඳහා මිලියන 900කට අධික ඉන්දියානුවන් පිරිසක් ඡන්ද දායකයින් ලෙස ලියාපදිංචි වී සිටි අතර ඔවුහු ලෝක් සභාවේ ආසන 543ක් වෙනුවෙන් සිය නියෝජිතයින් පත් කර ගැනීම සඳහා ඡන්දය භාවිත කළහ.

එම ආසන 543 සඳහා දේශපාලන පක්ෂ 2000ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 8000ක් ඉදිරිපත්ව සිටිති.

පාලන බලය හිමි කර ගැනීම සඳහා එක් පක්ෂයක් ආසන 272ක් හිමි කර ගත යුතුය.

ඉන්දීය කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

නරේන්ද්‍ර මෝදි විශිෂ්ට ජයක් අබියස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2019 ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි ඉදිරියෙන් සිටින බව වාර්තා වීමත් සමග එරට කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

එරට ප්‍රධාන කොටස් වෙළෙඳපොළ දෙක ලෙස සැලකෙන Sensex සහ NIFTY50හි මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගයයන් වාර්තා වී ඇත.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය තහවුරු වෙමින් පවතින හෙයින් ආයෝජකයින් තුළ විශ්වාසයක් ගොඩ නැගී ඇති බවය.

ඉන්දීය කොන්ග්‍රසය නිහඬයි

රාහුල් ගාන්ධිගේ දිල්ලි කාර්යාලය

ඡායාරූප මූලාශ්‍රය, Abhishek Madhukar/BBC News

ඡායාරූප ශීර්ෂ වැකිය, රාහුල් ගාන්ධිගේ දිල්ලි කාර්යාලය

මහ මැතිවරණයේ මෙතෙක් කළ ඡන්ද ගණනය කිරීම් සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි ප්‍රමුඛ ඉන්දීය ජාතික කොන්ග්‍රසය නිහඬව සිටී.

මෙවර මහ මැතිවරණයේදී පසුගිය මැතිවරණයට වඩා ප්‍රගතියක් ඉන්දීය ජාතික කොන්ග්‍රසය අත්පත් කර ගනු ඇතැයි එම පක්ෂය අපේක්ෂාවෙන් පසු විය.

ස්ම්‍රිති ඉරානි

එහෙත්, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමෙති ආසනය වෙනුවෙන් තරග කරන ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ නායක රාහුල් ගාන්ධි පවා එම ආසනයේ ඡන්ද ගණනය කිරීම් අනුව පසුපසින් සිටින බව වාර්තා වේ.

එහිදී ඔහුට වඩා ඉදිරියෙන් පසු වන්නේ, භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකා ස්ම්‍රිති ඉරානිය. (ස්ම්‍රිති ඉරානි ශ්‍රී ලංකාවේ 'මහගෙදර' නමින් ජනප්‍රිය වූ ඉන්දීය ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ නිළියකි.)

ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර් ජයග්‍රහණය අබියස

ගෞතම් ගම්භීර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෞතම් ගම්භීර්

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර් නැගෙනහිර දිල්ලි ආසනයේ ඉදිරියෙන් සිටී.

ඔහු භාරතීය ජනතා පක්ෂය සමග එක් වූයේ මහ මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙරය.

නැගෙනහිර දිල්ලි යනු ඉන්දීය අගනුවර වන නවදිල්ලි නගරයේ අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි.

භාරතීය ජනතා පක්ෂයට එරෙහිව තරග කළ ආම් ආද්මි පක්ෂයේ අතිෂි සිය ඡන්ද ව්‍යාපාරය ප්‍රබලව නොකළ බව පැවසේ.

එහෙත්, ගෞතම් ගම්භීර් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ සිය ඡන්ද ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවීය.

ජය සැමරුම්

මේ වන විට නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් කර ඇති ආසනවල දේශපාලන ආධාරකරුවන් ජයග්‍රහණය සමරමින් සිටිති.

BBC

මේ අතර, නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබිණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මෝදි දිනන්නේ ඇයි?

2014 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන අග්‍රාමාත්‍ය ධූරයට පත් නරේන්ද්‍ර මෝදි ඉන්දීය ආර්ථිකය වර්ධනය කිරීමට උත්සහ දැරීය.

නීති විරෝධීව බදු නොගෙවා සඟවාගෙන සිටින මුදල් සංසරණයට එක් කිරීම සඳහා ඔහු එරට භාවිත වූ මුදල් නෝට්ටු වර්ග කිහිපයක් අවලංගු කිරීමට පියවර ගත්තේය.

"මම නම් මෝදිගේ දැක්ක විශේෂ ම දේ තමයි වංචා දූෂණ නතර කරපු එක. එයා ආවට පස්සේ කිසි ම රජයේ නිලධාරියෙකුට අල්ලස් ගන්න ඉඩක් නැති වුණා. දැන් අන්තර්ජාලය හරහා කිසි ම අල්ලසක් නොදී රජයේ ලියකියවිලි හදා ගන්න පුළුවන්," වසර 35ක පමණ සිට ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන රොෂාන් විජේසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.

නරේන්ද්‍ර මෝදි විශිෂ්ට ජයක් අබියස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රාහුල් ගාන්ධි ප්‍රතික්ෂේප වන්නේ ඇයි?

ඉන්දියාවේ ඉතිහාසය සමග බැඳී සිටින ගාන්ධි පවුලේ සාමාජිකයෙකු වන රාහුල් ගාන්ධිට ඉන්දියාවේ දේශපාලනික බලයක් නොලැබීමට හේතුව කුමක් ද?

ඒ සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ, ඉන්දීය ජාතික කොන්ග්‍රසය එක් පවුලක් වටා ගොඩ නැගී ඇති හෙයින් ජනතාව ඔවුන්ට කැමැත්තක් නොදක්වන බවය.

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

දිල්ලියේ විශේෂත්වය

ඉන්දීය මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේදී දිල්ලි දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය සුවිශේෂී විය. අප නිරීක්ෂණය කළ පරිදි දක්නට ලැබුණු සුවිශේෂතා කිහිපයක් විය.

  • පොලිතින් සහ ප්ලාස්ටික් භාවිත නොකිරීම
  • පෝස්ටර් හෝ දැන්වීම් පුවරු දක්නට නොලැබීම
  • කිසිදු වාහනයක අපේක්ෂකයින්ගේ දැන්වීම් දක්නට නොලැබීම
  • මාර්ග මත අපේක්ෂකයින්ගේ අංක හෝ ලකුණු සිතුවම් කර නොතිබීම
  • පෙළපාළි අවම වීම
  • ගැටුම් දක්නට නොලැබීම
නවදිල්ලි නගරයේ ජංපුරාහි ඡායාරූපයක්: කිසිදු මැතිවරණ දැන්වීමක් දක්නට නොතිබිණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, නවදිල්ලි නගරයේ ජංපුරාහි ඡායාරූපයක්: කිසිදු මැතිවරණ දැන්වීමක් දක්නට නොතිබිණි.

ඉන්දියාවේ සෙසු ප්‍රදේශවල තත්ත්වය මීට වඩා වෙනස් වුව ද, දිල්ලි දිස්ත්‍රික්කයේ පැවති තත්ත්වය ආදර්ශවත් විය.

අප නිරීක්ෂණය කළ ආකාරයට දිල්ලිහි පැවති තත්ත්වය ඡන්ද දායකයින්ට බලපෑම්වලින් තොරව නිවැරදි තීන්දුවක් ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර තිබිණි.