බංගලාදේශ ගින්න: මියගිය අය අතර විවාහ උත්සවයකට ආ පිරිසකුත්

Fire blaze in Dhaka

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

බංග්ලාදේශයේ අගනුවර වන ඩකා හි ඓතිහාසික වැදගත්කමක් ඇති ප්‍රදේශයක හට ගත් ගින්නකින් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබේ.

පහත මාලයේ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ (පෙබ 20) හටගත් මෙම ගින්න අනෙක් ගොඩනැගිලි කරා ද වේගයෙන් පැතිර ගොස් ඇත.

ගින්න හටගත් අකාරය පිළිබඳ තොරතුරු තවමත් පැහැදිළි නැත.

ගින්නට හසු වී මිය ගිය පිරිස අතර විවාහ උත්සවයකට සහභාගී වූ පිරිසක් ද සිටිති.

Volunteers recover a dead body from a burnt warehouse in Dhaka

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගිනිගත් ගබඩාවකින් සිරුරක් ඉවත්කරන සහන සේවකයින්

පටු වීථි සහ එකිනෙක යාබදව පිහිටි ගොඩනැගිලිවලින් පිරි, වසර සිය ගණනක් පැරණි 'චෝක්බසාර්' ප්‍රදේශය මෙම ගින්නෙන් විනාශ විය.

අධික ජනගහනයක් සහිත බංග්ලාදේශයේ පවතින මහල් ගොඩනැගිලිවල සිදුවන ගිනි ගැනීම් නිතර වාර්තාවන අතර අපරික්ෂාකාරී ආරක්ෂක නීති සහ දුර්වල තත්වයන් ඊට හේතු වී තිබේ.

මෑත කාලයේ සිදු වූ එවැනි ගිනි ගැනීම් හේතුවෙන් මිනිසුන් සිය ගණනක් මියගොස් ඇත.

පසුගිය ඉරිදා චිතගොo නගරයේ ද ගින්නක් හට ගත අතර ඊට ගොදුරු වී නව දෙනෙක් මිය ගියහ.

ගින්න හටගත් ගොඩනැගිල්ල බහුකාර්ය කටයුතු සඳහා යොදාගත් ස්ථානයක් වූ අතර ඊයේ රාත්‍රියේ ගින්න හටගන්නා විට බොහෝ දෙනෙක් නින්දේ පසුවූ බව සඳහන් ය.

බිම් මහලේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවක හටගත් ගින්න අනෙක් ගොඩනැගිලි කරා සීග්‍රයෙන් පැතිර ගිය බව නිධාරීහු පැවසූහ.

බොහෝ දෙනෙකු එළියට යා නොහැකිව ගොඩනැගිල්ලි තුළ සිරවී තිබේ.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් සහ පොලීසිය පැවසුවේ ගෑස් නළ පිපිරීම නිසා ගින්න තවත් පහසුවෙන් පැතිර ගිය බවය.

Firefighters are seen at the scene of a fire in Dhaka on February 21, 2019.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගින්නෙන් විනාශ වූ කලාපය

චෝක්බසාර් නගරයේ සුවඳ විලවුන් වෙළෙන්දෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් ෆිරෝස් පැවසුවේ ඔහුගේ මිතුරන් සහ නෑදෑයන් 25 දෙනෙක් පමණ අතුරුදන් බවත් ඔහුගේ සොහොයුරා මිය ගොස් ඇති බව තමා සැකකරන බවත්ය.

විදුලි ට්‍රාන්ෆෝමරයක් පුපුරායනු දුටු බවත් ඒ හේතුවෙන් ඊට පහළ නවතා තිබු බස් රථයක් ගිනිගනු දුටු බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

"ගිනි දැල් වේගයෙන් පැතිර ගියා," ඔහු බීබීසී බෙන්ගාලි සේවයට පැවසීය.

මේ තොරතුරුත් කියවන්න: