ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංගලාදේශ ගින්න: මියගිය අය අතර විවාහ උත්සවයකට ආ පිරිසකුත්
බංග්ලාදේශයේ අගනුවර වන ඩකා හි ඓතිහාසික වැදගත්කමක් ඇති ප්‍රදේශයක හට ගත් ගින්නකින් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබේ.
පහත මාලයේ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ (පෙබ 20) හටගත් මෙම ගින්න අනෙක් ගොඩනැගිලි කරා ද වේගයෙන් පැතිර ගොස් ඇත.
ගින්න හටගත් අකාරය පිළිබඳ තොරතුරු තවමත් පැහැදිළි නැත.
ගින්නට හසු වී මිය ගිය පිරිස අතර විවාහ උත්සවයකට සහභාගී වූ පිරිසක් ද සිටිති.
පටු වීථි සහ එකිනෙක යාබදව පිහිටි ගොඩනැගිලිවලින් පිරි, වසර සිය ගණනක් පැරණි 'චෝක්බසාර්' ප්‍රදේශය මෙම ගින්නෙන් විනාශ විය.
අධික ජනගහනයක් සහිත බංග්ලාදේශයේ පවතින මහල් ගොඩනැගිලිවල සිදුවන ගිනි ගැනීම් නිතර වාර්තාවන අතර අපරික්ෂාකාරී ආරක්ෂක නීති සහ දුර්වල තත්වයන් ඊට හේතු වී තිබේ.
මෑත කාලයේ සිදු වූ එවැනි ගිනි ගැනීම් හේතුවෙන් මිනිසුන් සිය ගණනක් මියගොස් ඇත.
පසුගිය ඉරිදා චිතගොo නගරයේ ද ගින්නක් හට ගත අතර ඊට ගොදුරු වී නව දෙනෙක් මිය ගියහ.
ගින්න හටගත් ගොඩනැගිල්ල බහුකාර්ය කටයුතු සඳහා යොදාගත් ස්ථානයක් වූ අතර ඊයේ රාත්‍රියේ ගින්න හටගන්නා විට බොහෝ දෙනෙක් නින්දේ පසුවූ බව සඳහන් ය.
බිම් මහලේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවක හටගත් ගින්න අනෙක් ගොඩනැගිලි කරා සීග්‍රයෙන් පැතිර ගිය බව නිධාරීහු පැවසූහ.
බොහෝ දෙනෙකු එළියට යා නොහැකිව ගොඩනැගිල්ලි තුළ සිරවී තිබේ.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් සහ පොලීසිය පැවසුවේ ගෑස් නළ පිපිරීම නිසා ගින්න තවත් පහසුවෙන් පැතිර ගිය බවය.
චෝක්බසාර් නගරයේ සුවඳ විලවුන් වෙළෙන්දෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් ෆිරෝස් පැවසුවේ ඔහුගේ මිතුරන් සහ නෑදෑයන් 25 දෙනෙක් පමණ අතුරුදන් බවත් ඔහුගේ සොහොයුරා මිය ගොස් ඇති බව තමා සැකකරන බවත්ය.
විදුලි ට්‍රාන්ෆෝමරයක් පුපුරායනු දුටු බවත් ඒ හේතුවෙන් ඊට පහළ නවතා තිබු බස් රථයක් ගිනිගනු දුටු බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
"ගිනි දැල් වේගයෙන් පැතිර ගියා," ඔහු බීබීසී බෙන්ගාලි සේවයට පැවසීය.
මේ තොරතුරුත් කියවන්න: