අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍යවරු 18 දෙනා කවුරුන්ද?

ඡායාරූප මූලාශ්‍රය, Presidents media
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නව අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍යවරුන් 18 දෙනෙක් අද (ජූලි 22 වැනිදා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්හ.
මෙහිදී අලි සබ්රිට විදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිව ඇති අතර මීට පෙර එම ධුරයේ කටයුතු කළ මහාචාර්ය ජී.එල් පීරිස් මෙවර කැබිනට් මණ්ඩලයට ඇතුළත් වී නොමැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වන මහාචාර්ය ජී.එල් පීරීස් මේ දක්වාම පොහොට්ටු ආණ්ඩුවල ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුර දරනු ලැබීය. එහෙත් පසුගිය දා පැවති පාර්ලිමේන්තුවේ ජනපතිවරයා තේරීමේ ඡන්දයට ඉදිරිපත් වූ ඩලස් අලහපෙරුමගේ නම ස්ථීර කරනු ලැබුවේ ජී.එල් පීරීස් විසිනි.
ආරක්ෂක, හා මුදල් යන අමාත්‍ය ධුර සඳහා මෙතෙක් නව අමාත්‍යවරයෙක් දිවුරුම් දී නොමැති අතර ඒ අනුව අදාළ විෂයපථයන් ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇත.
අද දිව්රුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය මෙසේය.
- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
- ඩග්ලස් දේවානන්දා - ධීවර අමාත්‍ය
- ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත - අධ්‍යාපන අමාත්‍ය
- ආචාර්ය බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ජනමාධ්‍ය අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල - සෞඛ්‍ය අමාත්‍ය , ජල සම්පාදන අමාත්‍ය
- මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
- විජයදාස රාජපක්ෂ - අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
- හරීන් ප්‍රනාන්දු - සංචාරක හා ඉඩම් අමාත්‍ය
- වෛද්‍ය රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත අමාත්‍ය කර්මාන්ත අමාත්‍ය
- ප්‍රසන්න රණතුංග - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
- අලි සබ්රි - විදේශ කටයුතු අමාත්‍ය
- විදුර වික්‍රමනායක - බුද්ධශාසන හා ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
- කංචන විජේසේකර -විදුලිබල හා බලශක්ති අමාත්‍ය
- නසීර් අහමඩ් -පරිසර අමාත්‍ය
- රොෂාන් රණසිංහ - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය, වාරිමාර්ග අමාත්‍ය
- මනුෂ නානායක්කාර - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
- ටිරාන් අලස් - මහජන ආරක්ෂක අමාත්‍ය
- නලින් ප්‍රනාන්දු වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය.























