"ජාතික ආරක්ෂාව" සලකා විදේශිකයන් සමග විවාහයට නව නීති පැනවේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විදේශිකයින් සමග විවාහ වන මෙරට පුරවැසියන්ට 2022 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මන වන පරිදි නව රෙගුලාසි රජය විසින් පනවා ඇත.
ඒ අනුව අදාල විදේශිකයා සිය රටේ ආරක්ෂක බලධාරීන් හරහා ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාදීම ලබන මස 01 වැනිදා සිට අනිවාර්ය කර තිබේ.
විදේශිකයෙකු හා ශ්‍රී ලාංකිකයෙකු අතර විවාහයේ දී, එම විදේශීය පාර්ශවය කිසිදු වරදකට වරදකරුවෙකු නොවන බවට එම රටේ ආරක්ෂක බලධාරින් වෙතින් පසුගිය මාස හයක් තුළ ලබාගත් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.
ඒ සම්බන්ධ චක්‍රලේඛය පසුගිය ඔක්තෝම්බර් 18 වැනිදා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇත.
විදේශීය ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචි කිරීමේ දී "ජාතික ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම සහ උද්ගතවිය හැකි සමාජයීය ගැටලු" සැළකිල්ලට ගනිමින් නව චක්‍රලේඛය නිකුත්කළ බව රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්. එම්. එම්. බී. වීරසේකර කියයි.
අදාල චක්‍රලේඛය ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සිදුකළ සාකච්ඡාවලින් පැමිණි එකඟතාවකට අනුව නිකුත් කළ බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කළේ ය.
මේ අනුව විදේශිකයන් සිය රටේ ආරක්ෂක අංශ බලධාරින් වෙතින් ලබාගත් "වරදකට වරදකරුවකු නොවන බවට වූ" නිෂ්කාශන සහතිකයේ මුල් පිටපත දේශීය පාර්ශවකරු හෝ දේශීය පාර්ශවකරුගේ නියොජිතයෙකු මඟින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි අංශය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
ආරක්ෂක නිෂ්කාශන වාර්තාව තහවුරු කරගැනීමෙන් අනතුරුව රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් එම විවාහය ලියාපදිංචි කිරීම සඳහා අවසර පත්‍රයක් නිකුත් කරනු ඇත.
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් හරහා පමණක් මෙවැනි විවාහ ලියාපදිංචි කිරීමට අදාල චක්‍රලේඛය මඟින් දැනුම් දී ඇති අතර, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා නිකුත් කරන අවසර පත්‍රයේ පිටපත් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත භාරදීම සඳහා විවාහයේ දේශීය පාර්ශවකරු හෝ දේශීය පාර්ශවකරුගේ නියෝජිතයා වෙත යොමු කරනු ලැබේ.
මෙම අවසර පත්‍රයේ පිටපත්, දැනගැනීම සඳහා අදාල ප්‍රාදේශිය ලේකම්/ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ද යොමු කරනු ඇත.
ලාංකිකයෙකු සමග විවාහවීමට විදේශිකයෙකුට අවශ්‍ය ලියකියවිලි මොනවා ද?
ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත්කළ නව චක්‍රලේඛයට අනුව විවාහය සඳහා අවශ්‍ය වන ලියකියවිලි මෙසේ ය.
- වලංගු විදේශ ගමන් බලපත්‍රය (විදේශීය පාර්ශවය)
- සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතිකය (අවශ්‍යතාවය අනුව දික්කසාද ලියකියවිලි/වැන්දඹුබව සනාථ කිරීමේ ලියකියවිලි)
- උප්පැන්න සහතිකය (උපන්දිනය සනාථකර ගැනීමට අවශ්‍ය වුවහොත් පමණක්)
- විදේශීය පාර්ශවය සඳහා ආරක්ෂක නිෂ්කාශන වාර්තාව
- විදේශීය පාර්ශවය මාස 06ක් තුළ තම රටේ ආරක්ෂක බලධාරීන්ගෙන් ලබාගත්, වරදකට වරදකරු නොවන බවට තහවුරු කළ සහතිකයේ මුල් පිටපත
- විදේශීය ජාතිකයාගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා ස්වයං සෞඛ්‍ය ප්‍රකාශයක්.
ස්වයං සෞඛ්‍ය ප්‍රකාශයට දැක්විය යුතු කරණු මොනවා ද?
නව චක්‍රලේඛයට අනුව, අදාල විදේශිකයා ඉදිරිපත් කළ යුතු ස්වයං සෞඛ්‍ය ප්‍රකාශයේ තමා කොරෝනා ආසාදිතව සිටියේ ද නැද්ද යන වග, සහ කොරෝනා එන්නත් ලබාගෙන ඇත්ද, ලබාගත් එන්නත් වර්ගය කුමක් ද යන්න පිළිබඳ ද කරුණු දැක්විය යුතු ය.
එමෙන්ම අදාල විදේශිකයාට පිළිකා, HIV, මැලේරියා, වකුගඩු රෝග, හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී හෝ ක්ෂයරෝගය තිබේදැ යි දැක්විය යුතු බව ද ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
විදේශිකයෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අතර විවාහයක් සඳහා විවාහ දැන්වීම් භාරගැනීමේ දී,
- ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවශ්‍ය වීසා සහිත වලංගු ගමන් බලපත්‍රය සහ ඡායාපිටපතක්
- විවාහක/අවිවාහක තත්ත්වය සනාථ කිරීමේ සහතිකයේ මුල්පිටපත
- රෙජිස්ට්‍රාර් ජනරාල් නිකුත් කරන අවසර පත්‍රයේ මුල්පිටපත
- සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ස්වයං ප්‍රකාශය
- උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්
සිවිල් සංවිධානයන්ගෙන් විරෝධය
මේ අතර සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසා සිටින්නේ මෙය රටේ පුරවැසියන්ගේ විවාහවීමේ අයිතිය සීමා කිරීමක් බව යි.
මෙය පිළිකුල් සහගත ක්‍රියාවක් බවට චෝදනා කරන එම ව්‍යාපාරය මෙම ක්‍රියාමාර්ගය හෙළා දුටුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, National Movement for Social Justice
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරූ ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, විදේශීය පුරවැසියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධවීම සඳහා රටේ ව්‍යවස්ථාව පවා සංශෝධනය කර ගැනීමට බලය තම උපරිම අන්දමින් යොදාගත් පාලකයින් ගෙන ඇති මෙම තීරණය කිසිසේතම සදාචාර සම්පන්න නොවන බව යි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු වන ගීත් කාසිලිංගම් පවසන්නේ "නීතිවිරෝධී ක්‍රියා සිදු කිරීම සඳහා සහකරු වීසා මත මෙරට රැඳී සිටීමට විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට වාර්තා වීම වැඩි වීම මෙම තීරණය ගැනීමට හේතුව බව ආරක්ෂක නිලධාරීන් මට දන්වා සිටියා."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මේ අතර මෙම තීරණය පිළිබඳව සමාජ මධ්‍යයේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ඔවුන් පවසන්නේ "පොදු මූලධර්මය නම් රජයන් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම්වලට බාධා නොකරන බවත් විශේෂයෙන්ම පුද්ගලයකුගේ ලිංගික මනාපයන්, විවාහයන්, ආගමික වත්පිළිවෙත් වැනි පුද්ගලික කාරණාවලට සම්බන්ධ නොවීසිටියි. සුපුරුදු පරිදි, ශ්‍රී ලංකා රජය මිනිසුන්ගේ ජීවිතයේ සෑම අංශයකටම තම අතපෙවීම සිදුකරන බව පෙනේ."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
ජනමාධ්‍යවේදියකු වන රංග ජයසූරිය තම ට්විටර් ගිණුමේ සටහ්නම් තබමින් පවසන්නේ "රජය මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට මෙතරම් ප්‍රාථමික, පසුගාමී, ඒකාධිපති සහ කෙතරම් ප්‍රාථමිකද සහ රජය මෙතරම් ම මුග්දදැයි කියා මට අදහාගත නොහැක. විවාහය යනු නිරපේක්ෂ පුද්ගලික කාරණයක් වන අතර රජයකට ඒ සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නොමැත." ජනපති ගෝඨාභය රාජපක්ෂ මේ රට සැබෑ හමුදා ජුන්ටාවක් බවට පත් කරනවා."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4





























