බෙලරුසියාවේ මැතිවරණය: විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා රටින් පලා යයි

Ms Tikhanovskaya says she won the election

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 1

බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා සිය රට තුළ "ආරක්ෂිතව" සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසයි.

විපක්ෂ නායිකාව රටින් පලා ගොස් තිබෙන්නේ ඉරිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙවෙනි දිනයේත් විරෝධතා පැවැත්වෙමින් තිබියදීය.

මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි ප්‍රතිඵලවලින් දැක්වෙන නමුත් විපක්ෂනායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි.

විපක්ෂ නායිකාව 10% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ඇතැයි යයි ප්‍රකාශ කෙරුණත්, සිය නායිකාව ඇතැම් පළාත්වල 70% - 80%ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලද බව ඇයගේ ආධාරකරුවෝ පවසති.

නිරීක්ෂකයින්ගෙන් තොරව පැවති මැතිවරණයේ දී ඡන්ද කොල්ල කෑ බවට චෝදනා එල්ලවන අතර, යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එය හෙලා දැක තිබේ.

1994 සිට බෙලරුසියාවේ බලය හොබවන ලුකාසෙන්කා විරෝධතාවාදීන් හඳුන්වන්නේ විදේශයන්හි සිට මෙහෙයවන "බැටළුවන්" ලෙසිනි.

විරෝධතා රැල්ලක්

මැතිවරණයෙන් ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා යළිත් තේරී පත්වූ බව රාජ්‍ය රූපවාහිනිය මගින් නිවේදනය කරනු ලැබීමෙන් පසු මින්ස්ක් අගනුවර දී විරෝධතාවාදීන් සහ කැරලි මර්දක පොලිසිය අතර ගැටුම් හටගත්තේය.

විරෝධතාවාදීන් මැඩලීමට පොලිසිය ජනතාව බියගන්වන කම්පන බෝම්බ ගසමින්, රබර් උණ්ඩවලින් වෙඩිතබන අතරවාරයේ ජල කාලතුවක්කු ප්‍රහාර ද එල්ල කළේය.

එහිදී එක් විරෝධතාවාදියෙක් මරණයට පත්ව ඇති අතර 120 ක් පමණ අත්අඩංගුවට ගනු ලැබිණ. බලධාරීන් පවසන්නේ විරෝධතාවාදියා අත තිබූ බෝබ්මයක් පුපුරා යාමෙන් ඔහු මියගිය බවය.

රටින් පලා යාමට පෙර ප්‍රකාශයක් කළ විපක්ෂ නායිකාව, තමන් දැනටමත් ජයග්‍රහණය කර තිබෙන බැවින් බිය පහවී ගොස් ඇති බව කියා සිටියාය.

විපක්ෂනායිකාව 'අතුරුදහන්'

ඉන් අනතුරුව ඇය අතුරුදහන්ව ඇති බවට දූෂමාන ආරංචි පැතිර යාමත් සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා, ඇය ලිතුවේනියාවට පැමිණ සිටින බව සඳහන් කර තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

සඳුදා ඇයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය පළ වූ නමුත්, ඇය "ආරක්ෂිතව" සිටින බව සඳහන් කළ විපක්ෂ නායිකාවගේ ප්‍රචාරක කණ්ඩායම ඇය සිටින ස්ථානය සඳහන් නොකළහ.

ලිතුවේනියාවේ ගුවන් විදුලිය ඔස්සේ අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා පැය හතක් රඳවාගනු ලැබ තිබෙන බවය.

එහෙත් එසේ රඳවාගනු ලැබුවේ මන්ද යන්න හෝ කවුරුන් විසින් ද යන්න ඔහු හෙළි කළේ නැත.

කියවන්න: